
කුසගිනි මදිකම, අර්ශස්, අහාර අරුචිය, මලබද්ධය, වාතරක්ත, රත්පිත්, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, වකුගඩු රෝග, මුත්‍රාශ ප්‍රදාහය, පූයමේහ, මූත්‍ර සමඟ ලේ පිටවීම ආදියට ප්‍රතිකාර කිරීමේදී ගෙඳ සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. අභ්‍යන්තර වශයෙන් පිත් සෙම් සමනය කරයි. අක්මාව උත්තේජය කරන අතර අහාර රුචිය වඩවයි. ඇස් ඉදිමුමට ගෙද කොළ සියඹලා දළු, අරළු එළකිරෙන් තම්බා අඹරා ගෑම සිදු කරයි. ගෙඳ කොළ එළ මෝරුවලින් අඹරා ගෑමත්, ගෙඳ කොළ, රසකිඳ කොළ එළ වෙඬරුවලින් අඹරා ගෑමත් පිලිස්සුම් සඳහා ප්‍රතිකාරයන් ය.
ගෙඳ ලෝකය පුරාම ව්‍යාප්තව ඇති පැළෑටියකි. පරිප්පු සමඟ පිසූ ගෙඳ ව්‍යංජනය මෙරට ජනයා අතර ඉතා ප්‍රකට ය. එමෙන්ම මෙය බොහෝ රටවල දීර්ඝ කාලයක සිට එළවලුවක් ලෙසත්, සුප් වර්ග සෑදීමටත්, සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල සරල ප්‍රතිකාර සඳහා ඖෂධයක් ලෙසත් භාවිතා කර ඇත. එම රටවල ජනයා උගුරේ ආබාධ, ඇස් රෝග, සමේ රෝග, දැවිල්ල, හිසරදය, බඩේ කැක්කුම, අතීසාරය, පාචනය, අජීර්ණය, පණු රෝග, මුත්‍ර ආබාධ, අභ්‍යන්තර රුධිර වහනය, රක්තවාතය, මී මැසි බඹර අාදී කෘමි විෂ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගෙන ඇත. එමෙන්ම ගෙඳ ඉතා හොඳ විටමින් ප්‍රභවයක් ලෙසත් තන්තු, ඔමෙගා-3 මේද අම්ල, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් සහ යකඩ බහුල ඉහල ප්‍රතිඔක්සිකාරයක ගුණ සපිරි අහාරයක් ලෙසත් හඳුනාගෙන ඇත. ගෙඳ හෘද රෝග, අංශභාගය, අධි රුධිර පීඩනය, රුධිර කැටි අැති වීම, ඔටිසම් දරුවන් බිහිවීම ආදිය වැලැක්වීමට සමත් ගුණ සහිත බවත් පෙනහළු සහ මුඛ පිළිකාවන්ට ප්‍රතිරෝධී බවත් අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
හීං ගෙඳ |
1 comments:
Very useful blog, thanks for sharing.
Post a Comment