දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

ගොනුකෑ / ගොනිකා වැල් [Gonuke / Gonika] (Psychotria sarmentosa)

මෙරට උද්භිදවිද්‍යා මූලාශ්‍රවල ගොනුකෑ ලෙස නම් කර ඇත්තේ සිංහලෙන් ඉටිමල් ලෙස හඳුන්වන Hoya ovalifolia නම් දේශීය වැල් වර්ගයකි. ගොනුකෑ / ගොනිකා නම් මෙම වැල් වර්ගය එවායෙහි වල් ගොනිකා (Psychotria sarmentosa) ලෙස හඳුන්වා ඇත. ගොනුකෑ තරමක් මාංසල පත්‍ර සහිත දේශීය වැල් ශාකයකි. පත්‍ර සම්මුඛව පිහිටයි. බිම දිගේ හෝ ඇතැම් විට ආධාරක ශාකයක් මත වැඩේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු කොළ පැහැතිය. ප්‍රපාතයකින් පහලට ඇද වැටී ආබාධිත වූ ගවයකු මෙම වැළේ කොල අනුභව කිරීමෙන් සුවපත් වූ කථා පුවතක් ජනප්‍රවාදයේ එයි. මෙම ඖෂධීය ශාකය "ගොනුකෑ" නමින් හැඳින්වීමට එය ද හේතුවක් වන්නට ඇත. ගොනුකෑ වැල් Rubiaceae කුලයට අයත් ශාකයකි.

වයස්ගත වීමේ දී සන්ධි වල (විශේෂයෙන් කාන්තාවන්ගේ) ඇති වන වේදනා සඳහා ඔසුවක් ලෙස භාවිත කරයි. විශේෂයෙන් පාදයේ සන්ධි වල පවතින ශ්ලේෂ්මල ස්වභවය වයසට යාමත් සමග අඩු වී සන්ධි වියළීමට ලක්වීම නිසා වේදනා ඇති වේ. මෙම වැලේ ‍කොළ භාවිත කර සකසා ගත් කැඳ හෝ කොල වලින් සකසා ගත් සලාදයක් විටින් විට ආහාරයට ගැනීමෙන් මෙම ආබාධයට සහනය ලැබෙයි. දකුණු පළාතේ අස්ථි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට ද මෙම කොළ යොදා ගනී. තැලීම්, උළුක්කුවීම්, මස්පිඩු පෙරලීම් වැනි ආබාධයක් ඇතිවූ විට මෙම කොළ යොදා සෑදූ කැඳ පානය කිරීම ගුණදායක ය. 
Share:

26 comments:

Seelagawesi Thero said...

අපගේ ජීවිත ගස් කොළන් සමඟ බැඳී පවතින්නේ නම් එහි යහපත් ප්‍රතිඵලය වන්නේ සෞඛ්‍ය සම්පන්නභාවයයි. මේ ආකාරයෙන් මෙම තොරතුරු සම්පාදනය කර ජනතාව දැනුවත් වන්නට උපකාරවීම අගය කරන අතර කෘතවේදීභාවය පළ කරමි.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

බොහොම ස්තුතියි ඔබවහන්සේට.

Unknown said...

අද සමාජයෙන් ඈත්වයන දේශීය ඔසු පැළෑටි, ගවේශනයකොට, සමාජය දැනුවත් කරලීම උදෙසා ඔබතුමන් ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි,, තව දුරටත් මේ කාර්‍ය කරගෙන යාමට ශක්තිය, ධෛර්‍ය නොවඩුව ලැබේවා!
තෙරුවන් සරණයි!!!

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

බොහොම ස්තුතියි ඔබට.

Ayesha Sripali Chandrasena said...

ගොනිකා කොල සමග එහි දඩු කැද සෑදීමේ දී යොදා ගැනීම නුසුදුසු ද?

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

දන්න තරමින් කොළ තමයි ගන්නේ. එත් ළපටි දඬුගත්තත් වරදක් නෑ මම හිතන්නේ.

Ayesha Sripali Chandrasena said...

Pinsidu weeewa

Damith Senarathne said...

Mama moratuwe inne.gonika kola hoyaganna puluwan kohenda me patte

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

අපගේ ඔසුපැළ හඳුනා ගනිමු fb ගෘප් එකට පොස්ට් එකක් දාන්න.

Unknown said...

Keells wala ganna thiyenawa

priyantha heenpella said...

අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට.දකුණු පළාතේ කොහෙද මේ වැල් හොයා ගන්න පුළුවන් වෙන්නේ මගේ මවටත් බිරිඳටත් පාදවල සන්දිවල වේදනා තත්වයක් තියෙනවා,අනේ මට පුලුවන්නම් මේ කොළ හොයා ගන්න තියෙන තැනක් ගැන පහදලා දෙන්න තෙරුවන්සරණයි ඔබ වහන්සේට

Ali Wenuwen Api said...

කැද විකුණන අයගෙන් අහන්න, ගොනිකා කැද අදත් මම ගෙනාව.

Abhaya Kumara said...

ඔබ තුමාගේ මෙම කාර්‍ය ඉතාම අගයකොට සලකමි.තව දුරටත් මෙම කාර්‍ය කරගෙන යාමට ශක්තිය ධර්‍ය නොවඩුව ලැබේවා!
තෙරුවන් සරණයි ...!!!

Unknown said...

Thank you very much for the information its really helpful

Unknown said...

ගොනුකෑ කොල හොයාගන්න තියෙන්නේ කොහෙද

Unknown said...

I can supply fresh gonika miyanadalu kerem koku 0712558313 dulip

Buddi said...

Hedenne koheda

Unknown said...

Can supply
0712558313

Unknown said...

Can supply
0712558313

Unknown said...

Can supply gonika,kerem koku and miyanadalu. 1 kg Rs. 1000 with postal charges.
0712558313 Dulip

Mel said...

Keells super market වල තියෙනවා. මම ගත්තේ ඒකෙන්.මටත් සන්ධි ආබාධ තියෙනවා

Unknown said...

Tanks

Unknown said...

තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙම ශාකය පළාතෙන් පළාතට එහි ස්වභාවය වෙනස් වනවාද මම මහනුවර..

Unknown said...

ස්තූතී ඔබට

Unknown said...

දෙනියායෙ සිංහරාජයේ තියෙන වා contact 0771005329 danushka

Unknown said...

අනේ තියන තැනක් දන්නව නම් කියන්න පුලුවන් ද? ගොඩක් පින් සිද්ද වෙයි ..

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support