දියවැඩියාව, අතීසාරය, රත්පිත්, රක්ත ප්රදර, වණ, පණු රෝග, ක්ෂය රෝගය, වමනය, කැපුම් සීරීම්, මුඛ රොග, දන්ත රෝග, ඇස් රෝග, පිලිස්සීම් වැනි රෝග අවස්ථා ගණනාවක් සඳහා ප්රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, දළු, පොතු, ගෙඩි, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.
දියවැඩියාවට මාදං ඇට චූර්ණය සහ මාදං ඇට වියළා රන්වන් පැහැ වන තුරු කබලේ බැද කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. එයටම මාදං පානය සහ පොතු කෂාය යෙදිය හැකිය. මාදං පොතු තම්බා ගත් කෂායෙන් කට සේදීමෙන් මුඛ රෝග රැසක් සුව වෙයි. පිළිස්සුම් තුවාලවලට පොතු පුලුස්සාගත් අළු තල තෙල් සමඟ මිශ්රකර ආලේප කරයි. මෙම පොතු තැම්බූ වතු තුවාල සේදීමට භාවිතා කරයි. මාදං දලු යුෂ ආලේප කිරීමෙන් කැපුම් සීරුම් තුවාල ඉක්මනින් සුව වෙයි. කොළ දලු යුෂ මී පැණියෙන් දීමෙන් වමනය නවතී. මාදං පොතු දන්තාලේප නිපදවීමට යොදා ගනී. මෙම කොළවලින් නිස්සාරණය කර ගන්නා සුගන්ධ තෙල් රසකාරයක් ලෙස භාවිතා කරයි. මාදං ආහාර රුචිය ඇති කරවන, කුසගිනි වඩවන, අක්මාව උත්තේජනය කරන ආදී ගුණ සහිතයි.
මූලාශ්ර_ ඖෂධීය ශාක සංග්රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
0 comments:
Post a Comment