කරවල කැබැල්ල බෙහෝසේ අතු බෙදෙමින් මීටර් 8 ක් පමණ උසට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ අළු පාටට හුරු දුඹුරු පැහැතිය. ළපටි කොටස් දුඹුරු පැහැති සියුම් බූවක් සහිත ය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර අග්‍රය උල් හැඩැතිය. පත්‍රයක් සෙ.මි 15 පමණ දිගු වන අතර සෙ.මි 6 පමණ පළල ය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් රතු පැහැතිය. මංසල ඵලය කහ කොළ පැහැතිය. ඉදෙන විට රෝස, දිප්තිමත් රතු සහ කළු දක්වා වර්ණය ක්‍රමිකව වෙනස් වෙයි. කරවල කැබැල්ල Phyllanthaceae කුලයට අයත් ශාක විශේෂයන් ය.
මෙම ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. විටමින් C, කැල්සියම් සහ යකඩ බහුල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් පළතුරක් ලෙස සැලකේ. මලබද්ධයට අධිරුධිර පීඩනයට ගුණදායකය වන අතර ආහාර ජීර්ණ පද්ධතිය මනා සෞක්‍යයකින් පවත්වා ගැනීමට උපකාරී වේ. කරවල කැබැල්ල ඇතැම් රටවල ව්‍යාපාරික මට්ටමින් වගා කරන අතර ඉදුණු ගෙඩි භාවිතා කර ජෑම්, වයින්, සෝස් ආදිය නිශ්පාදනය කරයි.
තුවාලයකින් ලේ වහනය වන විට කරවල කැබැල්ල කොළ පොඩි කර තුවාලය මත තැබූ විට ලේ ගැලීම නවතී. කරවල කැබැල්ල දළු මැල්ලුම හෝ ඇඹුල ග්‍රහණි, අර්ශස් රෝග සඳහා යෙදේ. එමෙන්ම සර්ප විෂ, අැස් රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී කරවල කැබැල්ල ශාක කොටස් භාවිතා කරයි. විදේශීයව මෙම කොළ සිෆිලීස් නම් සමාජ රෝගයට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බව සඳහන් වේ.
මූලාශ්‍ර_ සිරි ලක ගස්කොළන් අත් පොත , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්