
වණ, ක්ෂත, ස්වසනාළ ප්‍රදාහය, පෙනහළු ආසාදන, ඇදුම, කැස්ස, සුදු බිංදුම (ගොනෝරිය) නම් සමාජ රෝගය, සන්දි ඉදිමීම, ථීරංග නම් සමේ රෝගය, කැඩුම් බිඳුම් ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට හීං දෙමට ශාකයේ මල්, ගෙඩි. පොතු, මුල් ආදිය භාවිතා කරයි. දෙමට පැණිය, දෙමට මල් කල්කය, හීං දෙමට යොදා නිපදවන ඖෂධයන් ය. සුරංවිදුර ගුළිය ඇඹරීමේ මාත්තුවක් ලෙස දෙමට ගෙඩි යුෂ යොදා ගනී. දෙමට සෙම නසන, ඇදුම, කැස්ස, වේදනා, ඉදිමුම් ආදිය සුව කරන ගුණ සහිතයි.
වණ, ක්ෂත ආදියට ප්‍රතිකාර කිරීමේදී හීං දෙමට පොතු තැම්බූ වතුරින් සේදීම ගුණය. ස්වාසනාළ ප්‍රදාහය, ඵුප්ඵුස ප්‍රදාහය ඇදුම ආදියට හීං දෙමට ගෙඩි සමග වෙනත් ඖෂධ යොදා සකස්කරගත් ක්ෂය දෙයි. සුදු බිංදුම (ගොනෝරිය) රෝගයේදී කොළ සහ නැටිවලින් ලබාගත් සෙවලමය සාරයට ජලය මිශ්‍රකර සාදාගත් දියරයෙන් සේදීම කරයි. සන්ධි ඉදිමීම, ථීරංග ආදී රෝග සඳහා හීං දෙමට මුල් යොදා සකස්කර ගත් ඖෂධ ලබ දීමත්, හීං දෙමට පොතු කහ දළු ලා කොටා මලවා බැඳිමත් සිදු කරයි.
දෙමට පොතු බුලත් විටට එකතු කර ගැනීම මෙම ශාක සුලබව ඇති ප්‍රදේශවල ගැමියන්ගේ පුරුද්දකි. කැති වැනි ගොවි උපකරණවල මිටවල් සහ හැඳි මිටවල් සෑදිමේදී දෙමට ලී භාවිතා කරයි. හදි හූනියම්, මන්ත්‍ර ගුරුකම්, බලිතොවිල්, යාගහෝමවලදී හීං දෙමට ශාක කොටස් යොදා ගනී. රා පැසවීම සඳහා තෙලිදිය භාජනයට දෙමට පොතු එක් කරයි. ලීය වැටවල් සෑදීමටත්, දර ලෙසත් භාවිතයට ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්