
අතීසාරය, රක්ත අතීසාරය, රක්ත පිත්ත, දියවැඩියාව, ආහාර අරුචිය, කුසගිනි මදිබව, අර්ශස්, ශරීර දාහය, ඇස් රෝග, ප්ලීහා රෝග, හෘද දුර්වලතා, කැස්ස, ඇදුම, ඉක්කා, මුත්‍ර අඩස්සිය. ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර, චර්ම රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මසං ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි, ඇට ආදිය භාවිතා කරයි. මසන් කුසගිනි වඩවන, දිරවීම පහසු කරවන, පිපාසය සහ ශරීර දාහය සංසිඳවන, හෘදයට හිතකර, රුධිරය පිරිසිදු කරන, වණ ශෝධනය හා රෝපණය කරන ආදී ගුණයන් සහිතයි. අමු මසන් කොළ පිත සෙම වඩවන බවත් ඉඳුනු කොළ වාතය සහ පිත නසන බවත් සඳහන්.
මසන් මුලේ පොතු කල්කය සියුම්ව එළකිරෙන් අඹරා කෑම රක්ත අතීසාරයට ගුණය. කොළ තලා බැඳීමෙන් මකුලු විෂ නැසේ. මසං ඇට චූර්ණය දීකිරි සමඟ කාස රෝගයට භාවිතා කරයි. රක්ත ප්‍රදරයට පොතු චූර්ණය උක් හකුරු සමඟ යොදයි. අර්ශස් සඳහා ද ඒකීය ඖෂධයක් ලෙස යොදා ගනී. අර්ශස් ගෙඩිවල වේදනාව ඇති විට මසන් කොල හා පොතු තම්බා ගත් ජලය මඳක් උණුසම්ව ගෙන ඒ මත වාඩිවී සිටීමෙන් වේදනාව පහව යයි. ශරීර දාහයට පත්‍ර කල්කය ආලේප කරයි. ඇස් රෝගවලදී ඇට ගලගා ආලේප කරයි. අතීසාර හා ප්‍රවාහිකා රෝගවලදී මසන් මුලේ පොතු චූර්ණය මී පැනි සමඟ යොදයි. ශ්වේත ප්‍රදර හා රක්ත ප්‍රදර රෝග සඳහා මසන් ගෙඩි චූර්ණය මී පැනි සමඟ හෝ හතුරු සමගත්, මුල් චූර්ණය හකුරු සමඟත් යොදා ගනී. ස්වර භේදය හෙවත් උගුර බැරැන්ඩියට මසන් කොළ කල්කය ගිතෙලින් බැද සහිඳ ලුණු සමඟ ලේහ කරයි. මසන් ගෙඩි කෑමට ගැනීම හෘද දුර්වලතා, රුධිර රෝග, රකතපිත්ත ආදියට ගුණදායකය.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ වෛද්‍ය සෙනරත් නිරෝෂන්
5 comments:
ගන්න තැනක්
Good
දැනට ලක්ව ඇති තර්ජන මොනවාද
Is Masan (මසන් available for delivery to dehiwalah?
තියෙනවද ගන්න...මොරටුවට
Post a Comment