දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, July 1, 2015

හීංබෝවිටියා [Heen Bovitiya] ( octandra)

හීංබෝවිටියා බොහෝ සේ අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන අප රටට ආවේනික කුඩා බහුවාර්ෂික ශාකයකි. අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. දම් පැහැති ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. මෙහි කොළ සහ ළපටි දඬු ආහාරයට ගනී.  හීං බෝවිටියා Melastomataceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

දියවැඩියාව, අර්ශස්, සෙංගමාලය, අක්මාවේ රෝග, රුධිරයේ අධික මේදය පැවතීම යන රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ, පොතු, මුල් ආදිය යොදාගනී. රුධිරයේ මේදය අධික පුද්ගලයින්ට සහ සෙංගමාල රොගීන්ට හීං බෝවිටියා කැඳ බොහෝ සේ ගුණදායකය. එමෙන්ම  සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක්‌ ලෙස ආහාරයට ගැනීමද නිර්දේශ කෙරේ. බඩේ රිදීමකින් තොරව කීප වරක්‌ බඩඑලියේ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි. තරමක මේරූ පත්‍ර කොටා පොල්, කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යන බව සඳහන්. හීං බෝවිටියා පිළිකාවන්ට ප්‍රතිවිරෝධීතාවයක් දක්වයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර වීෂබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නංවන බව ද සඳහන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්   


Share:

24 comments:

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

මේ බ්ලොග් එක දැක්කේ විස නීල තයිලය හදන්න ඕන බෙහෙත් වගයක් දන්නේ නැතිව හොයනකොට . ගොඩක් වැදගත් මේ කරන දේ . ඔබට සුභ පතනවා . වගේම ස්තූති :)

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි ඔබටත් අපව දිරිමත් කිරීම ගැන.

Anonymous said...

"හීන් බෝවිටියා පිළිකාවන්ට ප්‍රතිවිරෝධතාවයක් දක්වයි" මොකක්ද මේ කියන එකේ තේරුම?
ස්තුතියි.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

පිළිකා සෛල ඇති වීම වලක්වමින් පිළිකාවක් සෑදිමට තියෙන සම්භාවිතාව අඩුකරනවා කියන එක.

Bart said...

අසා තිබෙනවා මෙය fatty liver තත්වයට හොද බෙහෙතක් බව ?

Unknown said...

අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක පහනක්ෝ දැල්වීම ඵල දායකය.තරුණ පරපුරට පැරණි බෙහෙත් ගැන දැනගැනීමට මෙම පිටුව ඉතා අගනා අවස්ථාවකි..ඔබට
ස්තූතියි.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි ඔබට.

chamaraniroshan said...

heenbovitiya hedenne koheda? ganna tiyenne koheda?

Unknown said...

Heen බෝවිටියා ganda thiyenne kohenda?

අට්ඨ. said...

ow sengamaletath denawane.

අට්ඨ. said...

hoyala denna puluwan.inbox enna.

Ruwansunk said...

Great work

MPP Gunasinghe said...

Great Work

Unknown said...

සායනිකව තහවුරු කරල තියෙනවද?

යථාර්ථවාදියා said...

Ayurveda plant nursery, navinna

Suranga said...

ගොඩක් වටින දෙයක්. හීන්තඹල චූර්ණය බෙහෙත් කඩවල තියෙනවද.ඒ වගේම තවත් ඉස්සරහට ගිහින් පැළ වර්ග වැඩි ප්‍රමාණයක් මේකට එකතු කරන්න ලැබෙන්න සුබ පතනවා

Unknown said...

වටිනා සමාජ සේවයක්.සියලුම ලිපි ඉතා වටිනවා.

Nipuna said...

Aththatama sathutui me de gana, Poddak kiyanna liver eke problems thiyena ayata meka hamadama biwwata kamak nadda, kanda hadala

Unknown said...

හීන් බෝවිටිය වකු ගඩු රෝගී තත්වයක් වන රුදිර creatine වැඩිවීමට හොඳ අව්ෂදයක්ද ?

Unknown said...

හොද බෙහෙතක් අත් දකිමෙන්

කියන්නෙ



Unknown said...

මෙම ඹෟෂධය කන්ද උඩරට ලදු කැලෑවල දක්නට ලැබෙනවා සමහර උඩරට ප්‍රදේශවල ෙගවතු අාශ්‍රතවත් තිෙයනවා නමුත් අපි ෙමය හදුනාගෙන සිටිෙය් නැහැ බුව සහිත පත්‍ර නිසා කපා ඉවත් කරනවා ඒහෙත් දැන් මෙි ඹෟෂධීය ශාකය ගැන දැන ගත්තා.ඔබ තුමාට ස්තුතියි! තෙරැවන් සරණයි!

Unknown said...

මෙම තොරතුරු ඉතාම වටිනව.හීන් බෝවිටියා පැල ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ?

Unknown said...

Pregnant ammalata kada bimata sudusuda

Ashan said...

ගිනිහිරිය කියන්නෙත් මේවටද

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support