සර්ප විෂ, උන්මාද, සන්නි, පිලිස්සුම්, ගෙඩි, වණ, තුවාල, කුරුලෑ ආදියට ප්‍රතිකාර කිරීමට බැල් බැබිල ශාකයේ කොළ, මුල්, දඬු ආදිය භාවිතයට ගනී. වැල් බැබිල ලිංගික ශක්තිය වඩවන, ශුක්‍රධාතුව වර්ධනය කරන, හිසට සහ කෙස් කළඹට හිතකර ගුණ සහිතයි.
කුණකටු විෂ නිසා හටගත් පාද ඉදිමුමට වැල් බැබිල දෙහි ඇඹුලින් අඹරා ආලේප කරයි. කරවැල් විෂට වැල් බැබිල, කරවිල, එළබටු යන වර්ග තුනෙහි කොළ යුෂ තල තෙලින් කකාරා දෂ්ට මුඛයේ ආලේප කළ යුතුය. උන්මාද රෝගීන්ට හිස ගැල්ලුම් දැමීමට වැල් බැබිල කොළ යොදා ගනී. ඒ සඳහා වැල් බැබිල කොළ, සැවැන්දරා මුල් , සුදු හඳුන් සහ දෙහි සමව ගෙන එළකිරෙන් තම්බා හොඳින් අඹරා ගත යුතුය. මෙම කොළ අඹරාගත් ප්‍රලේපය යෙදීමෙන් පරණ තුවාල පිරිසිදු වී ඉක්මනින් සුව වෙයි. වැල් බැබිල කොළ කීපයක් අතේ පොඩි කර ආලේප කිරීමෙන් සුළු පිලිස්සුම් තුවාලවල දැවිල්ල පහව යයි. වැල් බැබිල දඬු කොටා දියේ දමා පැය 4 කින් පමණ පසු පෙරා සීනි දමා බීමෙන් ශරීර ශක්තිය වර්ධනය වන බව කියනු ලැබේ. වැල් බැබිල කොළ හා දඬු සිහින්ව අඹරා, පල්පයක් මෙන් සකසා හිස ගල්වා මිනිත්තු 15-20 පමණ සොදා හැරීම කෙස් කළඹ සෞක්යසම්පන්නව පවත්වාගෙන යෑම සඳහා අගනා යෙදිය හැකි ප්‍රතිකාරයකි.
වැල් බැබිල සම්පූර්ණ ශාකයේ යුෂ ගෙඩි, කුරුලෑ ආදීයට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මෙම මුල්වල යුෂ අජීර්ණයට ප්‍රතිකාර කිරීමටත්, මුල් ප්‍රලේපය ගෙඩි සහ තුවාලවල සැරව ඉවත් කිරීමටත් යොදා ගත හැකිය. එමෙන්ම මුල් ගොනෝරියා ඇතුළු ලිංගික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බවත්, කොළ යුෂ කැපුම් සහ වෙනත් තුවාල සඳහා භාවිතා කළ හැකි බවත් අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත.
මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින්, තල්පතේ පිලියම් සහ අන්තර්ජාලයෙන්. විශේෂ ස්තුතියිය සංවාදයට අදහස් දැක්වූ විද්වතුන් ඇතුළු සැමට. අදාල සංවාදය මෙතැනින්
1 comments:
වැල් බැබිල ලබා ගන්න පුළුවන් තැනක් තියෙනවද?
Post a Comment