උදරාධ්මාන, අජීර්ණ, උදර වේදනා, පණු රෝග, වමනය, පාචන, උණ, වේදනා සහිත ආර්තවය, සන්ධි ඉදිමුම්, ආතරයිට්ස්, අස්ථි ආබාධ, පීනස ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සේර සම්පූර්ණ ශාකයම සහ එයින් නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් භාවිතා කරයි. සේර දහදිය ඇති කරවන, අජීර්ණ සහ ඉදිමුම් නසන, උද්දීපන, ආක්ෂේප නිවාරක, ආර්තවය ජනනය කරන, ඉදිමුම් නසන, බල වර්ධක, ශුක්‍ර නාශක ආදී ගුණ සහිතය. සේර අර්කය, සේර තෙල් සේර යොදා නිපදවන ඖෂධයන් ය.
ආර්තවයේදී ඇතිවන වේදනාකාරී පීඩාවන්ට සේර කෂායට ගම්මිරිස් කුඩු දමා බොන්නට දෙයි. සන්ධි ඉදිමුම් සහ උලුක්කුවලදී අදාල ස්නථාය සේර තැම්බූ වතුරින් තැවීම සිදු කරයි. කොලරා රෝගයේදී ඇතිවන තද වමනයට සේර තෙල් බිංදු 3-6 දක්වා සීනි සමඟ මිශ්‍රකර බොන්ට දෙයි. ප්‍රදාහ සහිත ඉදිමුම්වලට සේර තෙල්, පැඟිරි තෙල් සමඟ මිශ්‍රකර ආලේප කළ යුතුය. පීනස, උණ සහ උදර වේදනාවන්ට සේර කොළ යුෂට මිංචි, ගම්මිරිස්, වියළි ඉඟුරු, සූකිරි දමා බොන්නට දෙයි.
ප්‍රමිතියකට අනුව වියලා ගත් හෝ අමු සේර කොළ උණු වතුරෙන් තම්බා හෝ තේ සකසක ආකාරයට උණු වතුරට මෙම කොළ එකතු කර පානය කළ හැකිය. එය සිරුරේ අභ්‍යන්තර ඉන්ද්රියයන් පිරිසිදු කිරීමට උපකාරීවන රසවත් මෙන්ම සුවඳවත් ඖෂධීය පානයකි. එමඟින් ඇදුම සහ ස්වාසනාළිකා ප්‍රදාහය වැනි ස්වසන පද්ධතිය ආශ්රිත රෝග තත්වයන් සමනය වන බවත්, අජීණ සහ ආහාර ජීර්ණ ගැටළු සඳහා පිලියමක් බවත් සඳහන්. සේර රුධිරයේ මේදය (කොලෙස්ට්‍රෝල්) පාලනය සඳහා ද යොදා ගත හැකි ඵලදායී ඔසුවකි. ප්‍රතිඹක්සිකාරක ගුණ සපිරි සේර පිළිකා ඇතිවීම වැලැක්වීමට දායක වෙයි. සේරවලින් නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් දිලීර සහ බැක්ටීරියා නාශක ගුණ සහිත ඖෂධයකි. මෙම තෙල් හොරි, පණුකැවිලි වැනි සමේ රෝග සඳහාත්, ආතරයිට්ස් වේදනාවන් සමනය කිරීම සඳහාත් බාහිර ආලේපනයක් ලෙස යොදා ගත හැකිය.
ඖෂධීය භාවිතාවන්ට අමතරව සේර අහාර සැකසීමේදී යොදා ගන්නා ප්‍රධාන රස සහ සුවඳ කාරකයකි. බත්, සුප් වර්ග, මස් මාළු වැනි ව්‍යංජන ඒ අතර ප්‍රධාන වේ. පැණි බීම කර්මාන්තයේදී රස සහ සුවඳ එකතු කිරීමට ද සේර යොදා ගනී. සේරවලින් නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් සුවඳ විලවුන්, සුවඳ සබන්, හිස ගල්වන ආලේපන, වෙනත් රූපළාවන්‍ය නිශ්පාදන සහ කෘමි විකර්ෂක ද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
3 comments:
සේර පැල ලබා ගත හැක්කේ කොහෙන්ද?
මන් දෙන්නම් 0788173143
විකිණීමට පුපුළුවන්ද .මිල කියද
Post a Comment