උෂ්ණ අතීසාර, පාචනය, විසූචිකා, දාහ, රාත්‍රී අන්ධතාවය, මාන්දම, විද්‍රධි (ගෙඩි), අර්ශස්, කණ් කැක්කුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගැටකොළ ශාකයේ කොළ, මුල්, ඇට සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. ගැටකොළ කෂායකර, අභ්‍යන්තර වේදනාවන් සමනය කරන, ශක්තිජනක, මව්කිරි වඩවන ආදී ගුණ සහිත බවත් විශේෂයෙන් මෙම ඇටවල කාමෝද්දීපක ගුණ ඇති බවත් සඳහන්. ගැටකොළ තෛලය, ගැටකොළ සෘතය, ගැටකොළ අවලේහය ගැටකොළ යොදා නිපදවන ඖෂධයන් ය.
විද්‍රධි සඳහා ගැටකොළ අඹරා ගෑමෙන් ගෙඩි පැසවා පුපුරා යයි. අතීසාරයට කොළ කල්කය යොදා ප්‍රතිකාර කරයි. ශරීර ශක්තිය වර්ධනය වීමට සහ ශුක්‍ර වර්ධනයට බීජ හෝ කොළ චූර්ණය එළකිරි සමඟ බීමට දෙයි. ගැටකොළ ශාකයේ යුෂ බඩවැල් ආශ්රිත ආශ්රිත රෝග සඳහා සහ කොලරාවට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බවත්, කොළ ප්‍රලේපය තුවාල වලට යෙදිය හැකි බවත්, කොළ යුෂ ඇස් රෝග සඳහා යෙදිය හැකි බවත් අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත.
ගම්බද ජනයා ගැටකොළ මැල්ලුම් සහ ව්‍යංජන ලෙස සකසා ආහාරයට එකතු කර ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment