ප්‍රමේහ, කුෂ්ඨ, අර්ශස්, රකත් පිත්ත, ආමඅතීසාර, කැස්ස, ඇදුම, පීනස, හිසරදය, අහාර අරුචිය, තුවාල, ගණ්ඩු, ලේ වමනය, කෘමි දෂ්ඨන ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට දියමිදෙල්ල ශාකයේ කොළ, දලු, මුල්, මල්, පොතු ගෙඩි හා ඇට භාවිතා කරයි. දිය මිදෙල්ල ගර්භාෂය සංකෝචනය කරන, රුධිරය පිරිසිදු කරන , උණ නසන ආදී ගුණ සහිතයි.
අරුචි, ප්‍රමේහ, සෙම්, පිත්, ලේ දෝෂ නිසා ගට ගත් කුෂ්ඨ ආදියට මෙහි කොළ පළාවක් ලෙස ආහාරයට ගැනීම ගුණය. ආමඅතීසාරයට පත්‍ර ස්වරසය මී පැණි සමඟ යොදයි. ඇදුම රෝගයට මිදෙල්ල පත්‍ර ස්වරසය මෙම ඇට චූර්ණය සමඟ හෝ පත්‍ර ස්වරසය ගම්මිරිස් ඇට 20 ක වූර්ණය සමඟ ගත යුතු බව සඳහන්. හිසරදයට බීජවල ඉතා සියුම් චූර්ණය ග්‍රෑම් 5 ක් ඉඟුරු ඉස්ම සමඟ නස්‍ය කළ යුතුය. කුඩා දරුවන්ගේ උදරය විශාල වී ඉදිරියට නෙරා ඒමට බීජ චූර්ණය ග්‍රෑම් 5-10 කිරි සමඟ මිශ්‍රකර පානයට දිය යුතුය. ඇස්වලින් කඳුළු ගලන විට බීජ චූර්ණය වතුරින් ගලගා අංජන ලෙස බාහිරින් ආලේප කරයි. ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම ආදී අවස්ථාවන්ට ගෙඩි යුෂ ද අතීසාරයට පත්‍ර යුෂද භාවිතා කරයි. ළය විරේකයට කෝලිකුට්ටු අල, පොල්තෙල්, බෝ පොතු යුුෂ, නස්නාරං, නික කොළ යුෂ, මිදෙල්ල පොතු යුෂ භාවිතා කරයි. කැපුම් තුවාලයක් වූ විට මෙහි කඳෙන් පට්ටයක් ගලවා එයින් තුවාලය බැඳ තැබීම ග්‍රාමීය ප්‍රතිකාරයකි. දියමිදෙල්ල කොළ, පොතු හා මල් තැම්බූ වතුරින් කට සේදීමෙන් දත් මුල් ශක්තිමත් වන බව සඳහන්.
ළපටි දිය මිදෙල්ල පත්‍ර පළාවක් ලෙස කෑමට ගත හැකිය. මෙම ලීය බෝට්ටු, විසිතුරු උපකරණ, කෘෂි උපකරණ සහ ආයුධ ආදියෙහි මිටවල් සෑදීමට යොදා ගනී. දිය මිදෙල්ල අලංකාරය සඳහා ද වැවිය හැකි වටිනා ශාකයකි.
0 comments:
Post a Comment