තිප්පිලි බුලත් අයත් වන Piper නම් උද්භිද ගණයට අයත් බුලත්වලට සමාන කොළ සහිත ශාකයකි. ලංකාවේ ඇතැම් පලාත් වලත්, ඉන්දියාවේ උතුරු - දකුණු ප්‍රදේශ වලත්, නේපාලයේත් බහුලව වැඩේ. මෙම ශාකයේ මව්බිම ඊසාන දිග ඉන්දියාව හෙවත් මගධ දේශය ලෙස සැලකේ. එබැවින් "මගධෝදභවා" යන නම තිප්පිලි වලට ව්‍යවහාර කරයි. මෙහි සිංහල නම වගපුල්ය. තිප්පිලි යන්න සංස්කෘතයෙන් බිඳී ආවකි. තිප්පිලි ශාකය කාෂ්ඨීය මූල පද්ධතියක් සහිත කාෂ්ඨීය නොවන වැල් ශාකයකි. ගැටවලින් මුල් අදිමින් පොළවට සමාන්තව වරධනය වේ. පැහැදිළි නාරටි සහිත පත්‍ර තලය මද වශයෙන් දිළිසෙන සුලුය. බොහෝවිට පත්‍ර වෘන්ත දක්නට නොලැබේ. පුෂ්ප මංජරිය ශුකියකි. එය මල් පිපී පරිනත වූ පසු තිප්පිලි කරල ලෙස හඳුන්වයි. තිප්පිලි ශාකයට සමාන එහෙත් ආධාරක ශාක මත වැවෙන සිවිය (Piper chaba) ශාකයේ කරල් ගජ තිප්පිලි ලෙස හඳුන්වා ඇතත් එය මතභේදාත්මක ය. ඇතැම් මූලාශ්‍රවලට අනුව ගජ තිප්පිලි යනු Araceae කුලයට අයත් Scindapsus officinalis නම් ශාකයේ කරල් ය. මෑතක සිට තිප්පිලි ලෙස ගස් තිප්ලිලි යනුවෙන් හඳුන්වන Piper sarmentosum නම් ශාකයක් බහුලව ඔසු පිණිස භාවිතා කරනු දක්නට ලැබේ. දිළිසෙන, තරමක් විශාල කොළ සහිත ගස් තිප්පිලි ශාකයේ තිප්පිලිවල තිබෙන ඔසු ගුණ නොමැති බවයි ජේෂ්ඨ වෛද්‍යවරුන්ගේ අදහස. ගස් තිප්පිලි ශාකයේ සේයාරුවක් පහත පල කර ඇත. තිප්පිලි Piperaceae කුලයට අයත් ශාක විශේෂයකි.
තිප්පිලි සෙම් රෝග සඳහා ගුණදායක ඖෂධයක් බව ඉතා ප්‍රකටය. එමෙන්ම ක්ෂය රෝගය, කැස්ස, උදරාබාධ, කුෂ්ට රෝග, හික්කා, කෘමි රෝග, ප්‍රවාහිකා, අර්ශස්, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී තිප්පිලි කරල්, මුල්, සහ සම්පූර්ණ ශාකයමත් යොදා නිපදවූ ඖෂධ භාවිතා කරයි. තිප්පිලි බඩගිනි ඇති කරයි. දිරවීම පහසු කරයි. තරමක් ඌෂ්ණාධික වන අතර කටුක රසයෙන් යුක්ත ය. වාත හා සෙම් රෝග නසයි. අමු තිප්පිලි සෙම වඩයි. ශීතය. වියලි තිප්පිලි පිත කෝප කරයි. කුඩා දරුවන්ගේ අජීර්ණ රෝග සඳහා, තිප්පිලි, කරපිංචා සහ අරළු සමව ගෙන සිහින්ව කොටා රෙද්දකින් හලා සාදාගත් චූර්ණය උණුදිය සමඟ පෙවීම ගුණදායක ය. සෙම් උණට තිප්පි කුඩු ලේහ කිරීම, ක්ෂය රෝගයට තිප්පිලි ගිතෙලින් බැද සහිඳ ලුණු සමඟ අඹරා කෑමට දීම, අම්ලපිත්තයට තිප්පිලි කඩු මෑ පැණි සමඟ කෑමට දීම තිප්පි භාවිතා කරන ප්‍රතිකාර කිහිපයකි.
ගැමියන් බුලත් විට රසවත් කර ගැනීම සඳහා තිප්පිලි එකතු කර ගනී. තිප්පි මුල් හා ගම්මිරිස් මුල් කුඩුකර ගෙන එළකිරි සමඟ බීමට දීමෙන් තනකිරි වර්ධනය වන බව ගැමියන් සහ දේශීය වෙදැදුරන් අතර ප්‍රචලිතය. තිප්පිලි සෙම නසන, රුධිරය පිරිසිදු කරන, කෘමින් නසන, වේදනාව සමනය කරන ආදී ගුණයන් සහිතයි.
9 comments:
බොහොම වැදගත් වුනා. ස්තුතියි
He
elaaaaaaaaaaaaa...
Thank you
ගොඩක් වැදගත් වුණා
Thank you very much
නොදත් බොහෝ දේ උගත්තෙමි
ගජ තිප්පිලි මුල් තියන තැනක් කියන්න පුලුවන්ද වේයන්ගොඩ අවට
Thank you 😊😊
Post a Comment