දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, May 14, 2014

බෙහෙත් අනෝදා [Beheth Anoda] (Abutilon indicum)

කුඩා බහුවාර්ෂික ශාකයක් වන මෙය ගම්බද පළාත්වල මහ බැබිල, වල් අනෝදා, කොක්ස් අච්චු ආදී නම්වලින්ද හඳුන්වයි. ආයුර්වේදයේ මෙය "අතිබලා" සහ "මහබලා" යන නම් වලින් හඳුන්වා ඇත. අඳුරු කොළ පැහැයක් සහිත මෙහි සරල පත්‍රවල යටි පැත්ත බූව සහිතය. තනි තනිව හට ගන්නා මල් කහ තැඹිලි පාටය. ඵලය ආවේනික හැඬයක් සහිත ස්ඵෝඨිකාවකි. ඖෂධීය වටිනාකම් රැසක් සහිත දේශීය ශාකයක් වන බෙහෙත් අනෝදා Malvaceae කුලයට අයත් ය.

අර්ශස්, ගුදමාර්ගය පහත් වීම, රක්තප්‍රදර, රක්තපීනස, මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමග රුධිරය පිටවීම, දත් කැක්කුම, ගෙඩි, වණ, කුෂ්ඨ, අභ්‍යන්තර තුවාල ආදියට ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් මෙම ශාකයේ කොළත් අමතරව පොතු, මල්, මුල් , ඇට ආදියත් භාවිතා කරයි. දේශීය වෙදකමේදී විසප්පු හා ගෙඩි පැසවීම පිණිස යොදන පත්තු හා පැලැස්තර් සෑදීමට අනෝදා භාවිතා කරයි. මෙය දරුවන් ලැබූ ආසන්නයේ මවුවරුන්ට වැලඳෙන උණ සහ ප්‍රතිශ්‍යාව නසන ඔසුවකි. පිත් රෝග වලට සහ දත් රෝග වලට ද අනෝදා ප්‍රශස්ත ඔසුවකැයි පැවසේ. අනෝදා කොළ තැම්බූ වතුරට සීනක්කාරං මංචාඩි 10 ක් දිය කර සේදීමෙන් පැරණි තුවාල ඉක්මනින් සුව වන බව සඳහන්.

අර්ශස් රෝගය සඳහා බෙහෙත් අනෝදා කොළ කැඳ බීම සහ ව්යංනජනය සාදා කෑමට ගැනීම ද ඉතාම ගුණදායකය. එමෙන්ම බෙහෙත් අනෝදා කොළ කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමෙන් වේදනාව පහ වේ. බෙහෙත් අනෝදා කොළ කොටා ගත් යුෂ ගෙන පොල් කිරි දමා හීනටි සහල් හෝ කැකුළු සහල් කැඳ පිස බීම ද, අනෝදා කොල සහ කොහිල අල තම්බා එම වතුරෙන් නවරත්න කල්කය කෝපි ඇට 2 ක්‌ පමණ තල තෙලින් අනා ගිලීම ද අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාරයන්ය.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්  
Share:

12 comments:

Anonymous said...

ඔබට බොහොම ස්තුතියි.. දේශීය ඖෂධ ගැන නොදන්නා, ඖෂධ නියම කළ ද ඒ සඳහා ගත යුතු පැළෑටි වර්ග ගැන දන්නා අය අඩු මෙකල මෙම වෙබ්අඩවිය ඉතාම ප්‍රයෝජනවත් වේ. මා හට කෂාය සඳහා නියම කළ 'බෙහෙත් අනෝදා' යනු මොනවාදැයි සොයාගත නොහැකිව සිටිනා විටයි මෙය හමු වූයේ. ඔබට බොහොම පින්....

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

බොහොම ස්තුතියි ඔබට. ඔබ වැනි ඖෂධ සඳහා භාවියට නොදන්නා ගස් වැල් හඳුනා ගැනීමට උත්සහ කරන පිරිසටත්, වෙදකම හදාරන නවකයින්ටත් ප්‍රයෝජන ගැනීම සඳහායි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

upali said...

ඔබේ මෙම හැඳින්වීම ඔකොටම ඉතා ප්‍රයෝජනවත්
මගේ ස්තුතිය,

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි ඔබටත්

Anonymous said...

බොහොම ස්තූතියි

Ayesha Sripali Chandrasena said...

Bohooo pin. Me shaaakaya kumakda kiya ma dana gaththe me lipiyen bohoo pin neeroogee suwaya ath weewa

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්තුතියි

Unknown said...

Thank you

Mohamed said...

I appreciate your excellent service, Thank you very much.

chiraj said...

Ithaca vatina post ekek.mata me palehoyaganna baruwa hitiye .bohoma pin

Unknown said...

obata godak pin

Unknown said...

Me gahama kapala thambala bonna hodaida wakugaduwe gal walata

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support