රාස්නා හෙවත් අරත්ත වර්ග දෙකකි. එ් මහ
අරත්ත සහ හීන් අරත්ත වන අතර වැඩිපුර බේතට ගනු ලබන්නේ හීන් අරතත ය. පෙළොව යට
පිහිටි තරමක් සුඳැති රයිසෝමක් සහිත ශාකයකි. අඩි 3-4 උසැති ශාකයේ පත්‍ර
අඩියක් පමණ දිග ය. සුදු පැහැති මල් පිපෙන අතර ඵලය කුඩා ය, තැඹිලි පාට ය. මෙය
ලංකාව, ඉන්දියාව හා මලයා දූපත් වල වැවේ. අරත්ත Zingiberaceae කුලයට අයත් ශාක විශේෂයන් ය.
ඖෂධීය වටිනාකම
මෙය සර්ප විෂ නසන ප්‍රශස්ත ඔසුවකි. වනයේ දී නාගයා සමග සටන් වදින මුගටියා
විටින් විට අරත්ත ගස සපා තමන්ට නාගයාගෙන් වැදුන විෂ සමනය කරගනිතැයි මතයක්
ඇත. නකූල හෙවත් මුගටියාට ආරක්ෂාව සපයන බැවින් නකුලී යන නාමය ද මෙම ශාකයට
යෙදේ. අරත්ත විෂ නසනා ඔසුවක් මෙන්ම වාතය නසන්නකැයි ආයර්වේදය කියයි. පක්ෂගාත
රෝගයට ප්‍රතිකාර වශයෙන් දෙන ඖෂධ වලට අරත්ත මුසු කෙරේ. අරත්ත රත්තවාතයට,
බඩවැල් හා ආමාශය තුළ ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාතයට ප්‍රබල ඔසුවකි.
අරත්ත අල කටුකය, කුසගිනි වඩයි, කටහඬ යහපත් කරයි. අරත්ත අල යොදා තනා ගත්
කෂාය උණ, වාත රෝග, පීනස් රෝග හා උදර රෝග සුව කරයි. "රාස්නා සප්තකය" "රාස්නා
පංචකය" "මහා රාස්නා කෂාය" හා "රාස්නාදී තෛය" යන ඔෂධවල ප්‍රධාන
අමුද්‍රව්‍යය අරත්තයි.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර
2 comments:
වැදගත් ොරතුරකි. ලබාදුන්නාට බෙහෙවින්ම ස්තුතියි
දන්නැති දේවල් දැන ගත්ත,ස්තූතියි
Post a Comment