අක්කපාන සඳහා යොදන පර්යාය නාමයක් වන්නේ පාෂාණභේද යන්නයි. ඒය මෙම ශාකයේ පවතින ගල් දියකිරීමට ඇති හැකියාව ප්‍රකට කරන්නකි. මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සිය, රකත් අර්ශස්, රක්ත ප්‍රවාහිකා, රක්ත ප්‍රදර, ඇස් රෝග, තැලුම්, අතීසාර, රක්ත අතීසාර, අර්ශස්, ගෙඩි, වණ, තුවාල, චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී අක්කපාන කොළ යොදා ගනී.
අක්කපාන ශාකය තම්බා බීම හෝ එම කොල හීනියට ලියා සලාදයක් ලෙස සකසා අනුභව කිරීමත්, කොල වල යුෂ පානය කිරීමත් මුත්‍රා ගල් සඳහා ප්‍රතිකර්මයකි. අක්කපාන කොල අඹරා යටි බඩෙහි ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සිය සුව වන බව සඳහන් වේ. සෙම්ගෙඩි හෝ තදබල උගුරේ ආසාදනයක් නිසා උගුර රිදෙන විට අක්කපාන කොලයක් මැදින් කඩා විවර වූ පැත්ත ඇතුලට සිටිනසේ දිව මත තබා උඩුතල්ලට තද කර යුෂ උරා බිව් සැනින් ඒ වේදනාව පහ වී යන බව වෛද්‍ය සචින් ජයනෙත්ති මහතා සඳහන් කරයි. "වලපනේ රුපහ ගෙඩි වණ වෙදකමට ප්‍රසිද්ධ සුදුබන්ඩා වෙදමහතා ගෙඩියක් පලන්නට පෙර ස්ථානික නිර්වින්දනයට ආලේප කළ බෙහෙතේ ප්‍රධාන සංඝටක දෙකෙන් එකක් අක්කපාන (අනික ගැටතුඹ). මෙය වේදනා නාශකයක් ලෙස යොදා ගැනීම චීනයේ සහ කැරිබියානු දුපත් වාසින් අතරත් දකින්න පුළුවන්" යැයි එතුමා තවදුරටත් පවසයි. අක්කපාන රක්තශෝධක, වණ ශෝධන හා රොපණ, වේදනා නාශක ආදී ගුණයන් සහිතයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්
1 comments:
අක්කපාන පැළෑටිය පිළිබඳව කරුණු කීපයක් සොයමින් සිටි මට ඔබේ විස්තරය ප්‍රයෝජනවත් වුණා. මෑතක දී දක්නට ලැබුණු මල් පොකුරක සිලින්ඩරාකාර කොටස කහ මිශ්‍රළා කොළ පාටක් දැරුවා. පත්‍රවල පෙනුම නම් එක වගේ.සමහර විට දේශගුණය අනුවත් වර්ණ වෙනස් කම් වනවා ඇති ඔබට ස්තුතියි.
Post a Comment