
වාතරක්ත, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල්, විසර්ප, සර්ප විෂ, කම්බුල්ගාය, පිස්සු බල්ලන් සපා කෑම, අකලට හිසකෙස් වැටීම, උඳුගොව්වා කෑම නම් චර්ම රෝගය, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමට නිල්අවරිය සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. නිල්අවරිය මුත්‍රකාරක, විෂ නසන, වණ රෝපණය කරන, කුෂ්ඨ නසන, කේෂකලාපය වර්ධනය කරන ආදී ගුණ රැසක් සහිතයි. ශීර්ෂ රෝගයන්ට මෙන්ම රත කුෂ්ඨ ආදියට ද මහඟු ගුණ දෙන නීල්‍යාදී තෛලය නිල් අවරිය යොදා නිපදවන ප්‍රකට ඖෂධයකි. නිල් අවරිය අමුවෙන් භාවිතට ගත යුතු ඖෂධයක් ලෙස දක්වා ඇත.
ක්ෂය රෝග, ඇදුම, පෙහැල්ල ඉදිමීම ආදී ස්වසන පද්ධතිය ආශ්රිත රෝග වලදී නිල් අවරිය මුල් චූර්ණය එළ කිරි සමඟ පානය කිරීමට දෙයි. දඬුව භාවිතා කර දත් මැදීමෙන් දන්ත ආසාදන සුව වෙයි. මුත්‍ර ගල් හා මුත්‍ර අඩස්සියේදී පත්‍ර ලේපය යටි බඩේ ආලේප කිරීමෙන් මුත්‍ර පිටවීම පහසු කරයි. වාතරක්ත, කුෂ්ඨ සහ වණවල මස ලියලීමට නිල් අවරිය කොළ ඇල් දියෙන් අඹරා ආලේප කරයි. රක්ත කුෂ්ඨ සඳහා අවරිය කොළ තැම්බූ ජලයෙන් සෝදා ඇල් දියෙන් අඹරාගත් කොළ ආලේප කළ යුතුය. සර්ප විෂට නිල් අවරිය මුල් සහල් සේදූ වතුරින් ගලගා ආලේප කිරීමෙන් දෂ්ඨ ස්ථානයේ දැවිල්ල සහ ප්‍රදාහ සමනය වේ. නිල් අවරිය කොළ කෂාය බීමෙන් මී විෂ නැසෙන බව සඳහන්. උඳුගොව්වා කෑමට නිල් අවරිය කොළ හා වරා කොළ උණු දියෙන් අඹරා ගෑම හෝ නියඟලා අල නිල් අවරිය යුෂින් අඹරා ගෑම කළ යුතුය. නිල්අවරිය, කීකිරිඳිය , කහ සහ කෙළිඳ සහල් එකට අඹරා ගෑමෙන් අකලට හිසකෙස් වැටීමට නවතී. නිල් අවරිය කොළ යුෂ යොදා සිඳ ගත් තෙල් හිස ගැල්වීමෙන් කේෂ වර්ධනය මෙන්ම මනා කළුවන් කෙස් කළඹක්ද ලබා ගත හැකිය.
තද නිල් පැහැය නිසා තෙල් වර්ග වර්ණ ගැන්වීමේ උපාදානයක් ලෙස නිල් අවරිය භාවිතා කරයි. එමෙන්ම අතීතයේ විහාරවල සිතුවම් ඇඳීමේදීත්, රෙදි සහ සිවුරු වර්ණ ගැන්වීමේදීත්, බලි රූප ආදිය ඇඹීමේදීත් ස්වභාවික වර්ණකයක් ලෙස නිල් අවරිය භාවිතා කර ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
10 comments:
Thanks....
Where this grows?
Where to find nil avariya. Very urgent. If anyone knows please tell me
Thanks
very good article....
a very useful article
Very useful blog, You can see more info about medicinal plants with https://herbalplantinfo.blogspot.com/
Thank you
Thanks. Does anybody knows from where to buy some leaves please.
Very useful. Thank you very much! And can I know which areas they available?
Hi, I have found another article regarding nil awariya via this web site : https://herbalplantinfo.blogspot.com/2019/09/indigo-blue-medicinal-plants-nil.html
Post a Comment