
අභිඝාත (වැටීම්, පහර දීම් ආදියේදී ශරීරයට සිදුවන තැලීම්, මස්පිඩු ඉරීම් වැනි හානි), විෂ ශරීරගත වීම, ශරීර දාහය, ශරීරය ක්ෂය වීම, අතීසාරය, හිසේ රුදා, සන්ධි රුදා, උගුරේ සහ ආහාර මාර්ගයේ ඇතිවන ආබාධ අාදියට ප්‍රතිකාර කිරීමේදී බෝමි ශාකයේ කඳෙහි පොතු, මුලෙහි පොතු සහ කොළ භාවිතා කරයි. උළුක්කුවට, තැල්මට, මස්පිඩු ඉරීම ආදී අවස්ථාවකදී බොමි පොතු ලුණු වතුරින් උරගා කකාරවා මද උණුසුම් ලෙස පැලස්තරයක් යෙදීම ඒකීය ප්‍රතිකාරයකි.
බොමි ගසේ පොතු දේශීය වෙදකමේ බිඳුණු ඇට පෑස්සීමට ගන්නා ප්‍රධාන ඖෂධයක් බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" සදහන් වේ. මෙම පොතු අමු කහ සමග අඹරා ගෑමෙන් සීරීම් සහ තුවාල සුව වන බවත් අතීසාරයට සහ ස්නායු දුර්වලත්වයට දෙන ඖෂධ සංයෝග වලටද බොමි පොතු ඇතුළත්ව ඇති බවත් එහි සඳහන්. බොමි කාමොද්දීපක, ශුක්‍ර වර්ධක, වේදනා නාශක ආදී ගුණයන් සහිතයි.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය කෘති
11 comments:
මෙහි ගෙඩි ආහාරයට ගන්න්වාද පලතුරක් ලෙස?
කෑමට ගන්නේ නෑ.
පුලුවන්නම් දැන්ම ලොකු හදීසිය බෝම් පොතු පොටෝ එකක් එවන්න 0767347905 mms එකක් එවන්න
bomi potu hoyaganna tanak tiyenawada bandaragama
Koi pathiwalinda hoyaganna puluwan me gas
බෝමි පොත්තට බාවිතා කරන ඉංගිරිසි හෝ දෙමළ නම කුමක්ද
Ape gedara loku බෝමි gahak tiyenawa
අපෙ වත්තෙ ගහක් තියෙනවා
අපේ අංශබාග ලෙඩෙකුට බෝමී පොතු ඕන,පොතු ටිකක් දෙන්න පුලුවන්ද, 077 395 40 40,උපසේන හික්කඩුව,
Swela bomi hoya ganne puluwane thanak dannawada
මොරටුව අපේ ගෙදර තියනවා
Post a Comment