දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, January 4, 2016

කංකුං [Kankun] (Ipomoea aquatica)

කංකුං තෙතමනය ප්‍රිය කරන, පොළවට සමාන්තරව වැවෙන වැල් ශාකයකි. සරල පත්‍ර ආයත හැඬයක් ගනී. කඳ කුහරමය වේ. පත්‍ර කඳට සම්බන්ධවන ස්ථානවලින් පොළවට මුල් ඇදේ. මල් දම් පැහැතිය. සුදු පැහැති මල් හට ගන්නා වර්ගයක්ද කලාතුරකින් හමු වේ. මෙහි කොළ, දලු ආදිය ආහාරයට ගත හැකිය. මෙරට ගෘහණියන් කංකුං ඇඹුල, තෙම්පාදුව, මැල්ලුම, ව්‍යංජනය ආදී ලෙස නොයෙක් ආකාරයෙන් පිස ගනී. රසැති ගැණැති පලාවක් වන කංකු Convolvulaceae කුලයට අයත් ශාකයකි.

ඇමයිනෝ අම්ල, කැල්සියම්, යකඩ, විටමින් B සහ C බහුල කංකුං ආහාරයට ගැනීමෙන් ලේ වඩන යකඩ ධාතුව ශරීරයට ලැබෙන අතර ස්නායු දුබලකම් මඟ හැරී යයි. ශරීරය පෘෂ්ටිමත් වෙයි. කිරිදෙන මවුවරුන්ට බෙහෙවින් ගුණදාකය. අතපය දැවිල්ල, හිරිගතිය, වේදනා වැනි රෝගවලටද කංකුං ආහරයට ගැනීමෙන් සහනය ගෙනෙයි. මත් ගතියක් ඇතවූ පසු කංකුං තලා යුෂ පානය කිරීමට සැලැස්වීමෙන් එය මගහැරී යයි. එමෙන්ම දියවැඩියාව, මල බද්ධය, උණ, පණු රෝග, අක්මා රෝග, සමේ රෝග, සෙංගමාලය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමටද කංකුං කොළ, දලු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතා කරයි. කංකුං වේදනා නාශක, වමනකාරක, විරේචක ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ අන්තර්ජාලයෙන්


Share:

6 comments:

Unknown said...

Super

Unknown said...

ඉතාම ප්‍රයෝජනවත් තොරතුරු එකතුවක්..

Unknown said...

ඉතාම ප්‍රයෝජනවත්...... බොහොම ස්තූතියි

Unknown said...

අනාගත පරපුර වෙනුවෙන ඉතා වටිනවා..

Unknown said...

වටිනා දෙවල් අගය කරන්නෙ අඩවෙන් බව මතක තබා ගන්න නිවන් දකින තුරැම පලදෙන බලගතු පිනකි

Anonymous said...

😍😍

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support