
ඇමයිනෝ අම්ල, කැල්සියම්, යකඩ, විටමින් B සහ C බහුල කංකුං ආහාරයට ගැනීමෙන් ලේ වඩන යකඩ ධාතුව ශරීරයට ලැබෙන අතර ස්නායු දුබලකම් මඟ හැරී යයි. ශරීරය පෘෂ්ටිමත් වෙයි. කිරිදෙන මවුවරුන්ට බෙහෙවින් ගුණදාකය. අතපය දැවිල්ල, හිරිගතිය, වේදනා වැනි රෝගවලටද කංකුං ආහරයට ගැනීමෙන් සහනය ගෙනෙයි. මත් ගතියක් ඇතවූ පසු කංකුං තලා යුෂ පානය කිරීමට සැලැස්වීමෙන් එය මගහැරී යයි. එමෙන්ම දියවැඩියාව, මල බද්ධය, උණ, පණු රෝග, අක්මා රෝග, සමේ රෝග, සෙංගමාලය ආදී රෝග සඳහා ප්රතිකාර කිරීමටද කංකුං කොළ, දලු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතා කරයි. කංකුං වේදනා නාශක, වමනකාරක, විරේචක ආදී ගුණ සහිතයි.
මූලාශ්ර_ අන්තර්ජාලයෙන්
6 comments:
Super
ඉතාම ප්රයෝජනවත් තොරතුරු එකතුවක්..
ඉතාම ප්රයෝජනවත්...... බොහොම ස්තූතියි
අනාගත පරපුර වෙනුවෙන ඉතා වටිනවා..
වටිනා දෙවල් අගය කරන්නෙ අඩවෙන් බව මතක තබා ගන්න නිවන් දකින තුරැම පලදෙන බලගතු පිනකි
😍😍
Post a Comment