දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, December 28, 2015

ඒකාවේරිය / සර්පගන්ධ [Ekaweriya] (Rauvolfia serpentina)

දේශීය ශාකයක් වන ඒකාවේරිය ඖෂධයක් වශයෙන් පමණක් නොව දේශීයව රත්‍රං නිස්සාරණය සඳහා යොදාගත් රසායන ද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කර ඇති බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" දැක්වේ. ඒකාවේරිය ශාකය මීටයක් පමණ ඉහලට වර්ධනය වන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ලන්සාකාර පත්‍රයක් සෙ.මි. 7-13 පමණ වැඩෙන අතර ළා කොළ පැහැයෙන් යුක්තය. බහු අක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය ඉදුණු විට දම් පැහැයක් ගනී. ඒකාවේරිය Apocynaceae කුලයට අයත් ශාකයකි.

මෑතක සිට Rauvolfia tetraphylla යන උද්භිද නාමයෙන් හඳුන්වන නිවර්තන ඇමරිකාව ජන්ම භූමිය කරගත් විදේශීය ශාකයක් වල් ඒකාවේරිය නමින් හඳුන්වමින්, ඒකාවේරිය වෙනුවට ඖෂධ සඳහා යොදා ගන්නා මුත් එය කිසිසේත්ම සුදුසු භාවිතයක් නොවේ. එවැනි නුසුදුසු ආදේශක ශාක භාවිතා කිරීම දේශීය වෛද්‍ය ක්‍රමවල ගුණාත්මක භාවයට හානිකර බව අවධාරණය කළ යුතුය. 

බටහිර ජාතීන් ඒකාවේරිය ශාකය අධි රුධිර පීඩනය සඳහා ප්‍රශස්ථ ඖෂධයක් බවට හඳුනා ගන්නේ 17 වැනි සියවසේදී පමණ වුවද අනාදිමත් කාලයක සිට පෙරදිග ජනයා මෙය ඖෂධ හඳහා භාවිතා කර ඇත. ළදරු අතීසාරය, කොළරාව, කුසගිනි මදිකම, ආර්තව වේදනා, ප්‍රසව ‍වේදනා, අධි රුධිර පීඩනය, සර්ප විෂ, මී විෂ, ගෝනුසු විෂ, මකුළු විෂ, උණ, චර්ම රෝග, මානසික රෝග, මැලේරියාව ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඒකාවේරිය ශාකයේ මුල් සහ කොළ යෙදූ ඖෂධ භාවිතා කරයි. මකුළු, සර්ප, ගෝනුසු, මීයන්ගේ විෂ ආදියට ඒකාවේරිය මුල් දෙහි ඇඹුලින් හෝ ඇල් දියෙන් උරච්චි කර ගෑම, සෙම්ගෙඩිවලට ඒකාවේරිය මුල්, එළබටු ගෙඩි දොඩම් ඇඹුලින් අඹරා ගෑම පහසුවෙන් කළ හැකි ප්‍රතිකාරයන් ය. ඒකාවේරිය පණුවන් නසයි. උණ නසයි. ගර්භාෂය උත්තේජනය කරයි. වේදනාව සමනය කරයි. නිද්‍රාජනකයි. රුධිරවාහිනී ප්‍රසාරණය කරයි. කුසගිනි වඩවයි. මේ ආදී ගුණ රාශියකින් සමන්විත වන ඒකාවේරිය ශාකය යොදාගෙන නිපදවන සර්පගන්ධා නාමය සහිත ඖෂධ වර්ග රාශියකි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරුව_ වනස්පති ෆේස්බුක් සමූහයෙන්
Share:

13 comments:

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

සුභ නව වසරක් වේවා !

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

බොහොම ස්තුතියි.
ඔබටත් සුභ නව වසරක් වේවා !

Unknown said...

hela wedakama

gesanjaya said...

මෙය මහානර්ඝ ඖෂධීය පැළෑටියකි. හෙළ වෙදකමේදී බොහෝ දරුණු රෝගාබාධයන් සුවකිරීමට යොදාගෙන තිබේ. නිවිතිවල යකඩ මෙන් මෙහි රත්රන් සංයෝගයන් තිබෙන බව පැරණි පුස්කොළවල සඳහන්ව තිබේ. රාවණා යුගයේ පටන් පැවැත එන්නකි.

Unknown said...

පැලයක් හොයා ගන්න බැරිවෙයිද තියන තැනක් කියන්න

Dilantha said...

අපේ ගෙදර ගහක් තියෙනවා, හැබැයි ඒකාවේරි නෙමෙයි.. ඊට සමානයි.. කුරුල්ලො නම් ගෙඩි කනවා...

Samankumara85126@gmail.com said...

වටිනාකමක්

Unknown said...

මෙය අපේ රටෙන් තුරන් වෙමින් පවතින විෂිශඨ ගනයේ ශාකයකි.මෙම ශාකයේ නව පැලෑටි රෝපණය කර ගන්නෙ කොහොමද ?

Unknown said...

පැලයක් තීන තැනක් දන්නවානම් කියන්නකෝ

Unknown said...

කොහෙද ගෙවල්

ධනපාල දිසානායක said...

ඉතාමත් වටිනා වෙබ්සයිට් එකක්.බොහොම ස්තුතියි

Unknown said...

මම නින්ද නොයන රෝගයෙන් පෙලෙනවා. Sleeping tablets බීලා තමයි නිදාගන්නේ. ඒවා ශරීරයට අහිතකර බව මා දන්නවා. මම සිංහල වෙද මහත්මයකුගේ video එකක් දැක්කා ඒකා වෙිරිය පත්රයක් හැපුවහම නින්ද යනවා. එසේ හදපු බෙහෙතක් හෝ පෙති තියේද නින්ද යෑමට. නැත්නමි තෙල් වර්ගයක් තිබෙිද? කරැණාකරලා තියෙන බෙහෙත් කඩයක් දන්නවාද . මගේ දු.අංකය 0777115885. ස්තුතියි.

Tt said...

Thanks for information .

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support