තරණ දේශීය වෛද්‍ය ක්‍රමයට අනන්‍යවූ ඖෂධීය ශාකයකි. පඳුරක් හෝ මීටර් 10 දක්වා උසට වැඩෙන කුඩා ශාකයක් ලෙස දැක ගත හැකිය. පොත්ත ඇලි සහිත හෝ පතුරු ගැලවෙන ස්වභාවයක් ගනී. පත්‍ර ඉලිප්සාකාර සිට ඉලිප්සීය-ආයත හෝ ප්‍රතිලංසාකාර වේ. දිළිසෙනසුළු පත්‍රයක් සෙ.මි. 15 ක් දක්වා වර්ධනය වේ. සෙ.මි. 6 ක් පමණ දිග පුෂ්ප මංජරිය සියුම් බූවක් සහිතය. මල් ළා කහ හෝ සුදු පැහැතිය. මල් හටගන්නේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හා සැප්තැම්බර් මාසවලදී බව මූලාශ්‍රවල සඳහන් වූවත් මහනුවර ප්‍රදේශයේ ජනවාරි මස මුල සිට මල් දැක ගත හැකි විය. තරණ Rubiaceae කුලයට අයත් ශාකයකි.
ඉදිමුම්, ගෙඩි, වණ, පිළිකා, සන්ධි ආබාධ, කැඩුම් බිඳුම්, උදරාබාධ, කැපුම් තුවාල, චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී තරණ ශාකයේ කොළ, දළු, පොතු, මුලේ පොතු, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.
ඉදිමුම් සඳහා තරණ කොළ කැඳ පිස දීම හා කොළ තම්බා ඉදිමුණු ස්ථාන තැවීම සිදු කරයි. අවහන්ධියට, වේදනාවට හා තැල්මට තරණ කොළ පොතු කොටා එයට ජලය වත්කර තබා පසුවදා මිරිකා පෙරා ලණු පතක් දමා කකාරා ආලේප කිරීම ප්‍රතිකාරයකි. මස් හිරවීමට තරණ කොළ, පොතු මඩතිය කොළ, පොතු කරඳ කොළ, පොතු අට්ටික්කා කොළ, පොතු කොටා මිරිකා යුෂය සහිඳ ලුණු දමා පත්තු සිඳ ආලේප කරයි. කැපුණුවිට තරණ පොතු, පොල් කිරෙන් පස් කුළුබඩු යොදා තෙල් සිඳ ආලේප කිරීම ආදී ලෙස තරණ ශාකය භාවිතාකරන ප්‍රතිකාර රැසකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
0 comments:
Post a Comment