Home »
» වැල් කහඹිලියා [Wel Kahabiliya] (Tragia involucrata)
මෙය ශාකය පුරාම බූවක් සහිත බහුවාර්ෂික ලතාවකි. මෙම වැල ගස්වල එතෙමින් අඩි 3-4 පමණ දිගකට වර්ධනය වේ. මෙහි ඇති බූව මිනිස් සිරුරට ආසාත්මික වන අතර වේදනාකරී කැසීම් ඇති කරයි. කහඹිලියා යන නම යෙදෙන්නටද එය හේතුවකි. සරල ඒකාන්තර පත්‍රයක් සෙ.මි. 7.5 පමණ දිගු වන අතර පත්‍ර අග්‍රය තිවෘ වේ. පුෂ්ප මංජරිය ඒකාක්ෂයකි. මල් කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. පුල්ලි සහිත බීජ අළු පාටට හුරු දුඹුරු පාටය. ගැමියන් ධාන්‍ය වර්ග කෘමින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කොළ භාවිතා කරයි. වැල් කහඹිලියා Euphorbiaceae කුලයට අයත් ශාකයකි.
ඇදුම, ක්ෂය රෝගය, ස්වාසනාලිකා ප්‍රදාහය, කුෂ්ඨ රෝග, වණ, ගෙඩි, හිසේ රුදා, ලේ ගෙඩි, ස්වරතන්ත්‍ර ප්‍රදාහය, සන්නිපාත උණ, උපදංශය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වැල් කහඹිලියා මුල්, ඇට, කොළ ආදිය භාවිතා කරයි. සුලභව ඖෂධ සඳහා භාවිතා කරනුයේ මෙහි මුලයි. වැල් කහඹිලියා මුල් අඹරා සකස්කර ගත් ප්‍රලේපය කුෂ්ඨ රෝගයට ප්‍රතිකාරයකි. හිසරදයට වැල් කහඹිලියා මුල් අමු ඉඟුරු සමග අඹරා හිසෙහි ආලේප කරයි. වැල් කහඹිලියා ගෙඩි ඇල් දියෙන් අඹරා ආලේප කිරීමෙන් ලේ ගෙඩි පැසවා පිපිරී යාම සිදුවේ. එමෙන්ම එය උඳුගොව්වා කෑමටද ප්‍රතිකාරයකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
5 comments:
where to find these
මෙම කහබිලියා විශේශය වකුගඩු රෝග වලට භාවිතා කරනවාද?
කිනිහිරිය කියන්නේ මොනවාද
Kahabiliya shareeraye gawunama kalautu pratikarma
meka wena country wlta ship krnn puluwnd'
Post a Comment