සෙංගමාලය, දැවිල්ල, වණ, ඇදුම, උණ, උදරාබාධ, ඇස් රෝග, මකුළු දෂ්ට කිරීම්, ස්නායු පද්ධතියේ රෝග, සුදු ලාඳුරු, උන්මාදය, ක්ලාන්තය, ශීර්ෂ රෝග, පිපාසය, සෙංගමාලය, පාණ්ඩුව, කල්ගතවූ තුවාල ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරන බව සඳහන් වේ. මෙහි කොළ,මල්, මුල්, ඇට සහ සම්පූර්ණ ශාකයමත් ඔසු සඳහා ගනී. ධාරණ ශක්තිය වර්ධනය සඳහා මුස්සැන්ද මුල් ක්වාතය හෝ මුස්සැන්ද ඇට චූර්ණය මී පැණියෙන් දීම, දිවි මකුළු විෂට මුසුසැන්ද ශාකය සහමුලින් ගෙන කොටා ගත් ඉස්ම උදෑසන තුනක් බොන්නට දී එම රොඩු මලවා සතා කෑ තැනට බැඳීම, සෙංලමාල රෝගය සඳහා මුස්සැන්ද කොළ කැඳ කිතුල් හකුරු සමඟ බීමට දීම, පහසු ප්‍රතිකාරයන්ය. මුස්සැන්ද කමොද්දීපක, මුත්‍රකාරක, ධාරණ ශක්තිය වඩවන ආදී ගුණයන් සහිතයි.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
1 comments:
මස්තිෂ්ක දියර කාන්දු වීම සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු ඔෂධ පැළෑටි මොනවාදැයි ඔබට දැනුම් දිය හැකි නම් ඉතා අගය කොට සලකමි
Post a Comment