අතීසාරය, උණ, පාචනය, උදරාබාධ, ලාඳුරු, පිළිකා, රත්පිත්, ඉදිමුම්, බරවා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගැට නෙටුල් ශාකයේ පොතු සහ මුල් භාවිතා කරයි. අතීසාර, උණ සහ උදර රෝගයන් හිදී පොතු කෂාය යොදයි. පොතු ස්වරස (පොතු කොටාගත් යුෂ) ගිතෙල් සමඟ ගෙලෙන් උඩ කොටසේ රත්පිතට භාවිතා කරයි. මෙහිදී පොතු කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ භාවිතා කළ යුතුය. නෙටුල් පොතු විනාකිරෙන් අඹරා වාතජ ඉදිමුම්වලටත්, පොතු ගව මුත්‍රයෙන් අඹරා බරවා රෝගයටත් ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි.
ගැට නෙටුල් ශාකය වෙනත් ආසියානු රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල සමේ රෝග, සර්ප විෂ, උපදංශය, කොලරාව, අර්ශස්, ගෙඩි, හෘද රෝග, අක්මා රෝග, අක්‍රමවත් ඔසප් වීම, අපස්මාරය ආදී රෝග අවස්ථා සඳහා භාවිතා කරන බව සඳහන්.
0 comments:
Post a Comment