
කුසගිනි වඩවන ඖෂධයක් හෙයින් එළ නිටුල් ශාකයටද අග්නි පර්යාය යෙදී ඇත. එමෙන්ම චිත්‍රක නම් පර්යායද එළ නිටුල් සඳහා භාවිතා කර ඇත. වෙදකමට සම්බන්ධ ඇතැම් මූලාශ්රවල එළ නිටුල් සහ රත් නිටුල් සමාන ගුණයන්ගෙන් යුක්ත බව දක්වා ඇති අතර එළ නිටුල් ශාකයටම අනන්‍ය ඖෂධීය භාවිතාවන් ගැන තොරතුරු දේශීය මූලාශ්රවල විරල ය. පෙනහළු පිලිකා, ගුද පිළිකා, ආමාශ පිළිකා, අංශභාග, චර්ම රෝග, පණු හොරි, කුසගිනි මදිකම, ආමවාතය හෙවත් ආතරයිට්ස්, ලේ හිගකම, ස්ථුලතාවය, ඉදිමුම්, වණ, උදරාබාධ, පණු රෝග, සුදු කබර, උඳුගොව්වා කෑම, අර්ශස් ආදී රෝගාබාධ රාශියක් සඳහා ප්‍රතිඵලදායක ඖෂධයක් බව අන්තර්ජාලගත මූලාශ්රවල සඳහන්ව ඇත. ප්‍රධාන වශයෙන් මුල් සහ කොළ ඖෂධ සඳහා භාවිතා කරයි. එයිනුත් අල හෙවත් මුල් ප්රමුඛ වේ. එළ නිටුල්ද මිනිස් සිරුරට විෂ සහිත හෙයින් අභ්‍යන්තරව යෙදීමේදී රත් නිටුල් ආකාරයෙන් ශෝධනය කර භාවිතයට ගත යුතුය.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment