උණ, අක්ෂි රෝග, සමේ රෝග, ලාඳුරු, වණ, තුවාල, පිලිස්සුම් තුවාල, ඉදිමුම්, දැවිල්ල, ආතරයිටීස්, රක්තවාතය, දියවැඩියාව, ලිංගික දුර්වලතා, අජීර්ණය, වමනය, පණු රෝග, මුත්‍ර ආබාධ, ආහාර අරුචිය, මලබද්දය ඔසුප් වීමේ දෝෂ, උදරාබාධ, ඉරුවාරදය ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සපු ශාකයේ කොළ, පොතු, මුලේ පොතු, මල්, ඇට ආදිය භාවිතා කරයි. සපු උත්තේජක, විරේචක, මුත්‍රකාරක, ශුක්‍ර වඩවන, විෂබීජ නසන ආදී ගුණ සහිතයි.
සපු ශාකයේ පොත්ත උණ රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මල් ඇස් සහ පිළිස්සුණු තැන්වලට සහනය ගෙනදෙයි. සමේ රෝගවලදී මුලෙහි පොත්ත බහුලව භාවිතා කරයි. සපු ශාකයේ විවිධ කොටස් ධාතු වර්ධනීය ඔසු ලෙස භාවිත කෙරෙන අතර සමෙහි සෛල වඩවන බැවින් ආලේප ලෙස ද භාවිතා කරනු ලබයි. මලෙන් සාදන ටොනික් වර්ග ආමාශගතව ආහාර රුචිය උපදවයි, එය ආමාශගත වාතය සමනය කරන ඔසුවකි. අජීර්ණ, වමන හා අරුචි, උණ සඳහා ප්‍රතිකාරවලදී බහුලව යොදා ගැනේ. වකුගඩු සම්බන්ධ අසාමාන්‍ය තත්වවලදී මූත්‍රකාරක ඔසුවක් ලෙස ද භාවිත වේ. සපුමල් තෙල සාමාන්‍ය හිසරදය සහ ඉරුවාරදය වැනි කල්පවත්නා හිසේ ආබාධ සඳහා හොඳ ඔසුවකි. පිත සහ සෙම පහළ දමන අතර වාතය ඉහළ දමයි. කදිම සිසිලනකාරකයකි. සපු කොළ වලින් ගන්නා සුගන්ධ තෙල අධික ලෙස වාෂ්පශීලී ගුණ දරයි. එය තුවාල සහ ඉදිමුම් සඳහා ඉක්මන් සහනය ගෙන දෙයි. මී පැණි සමග ගත්විට කොළ යුෂය ශරීරයේ අභ්‍යන්තර වේදනා සඳහා සහනය ගෙනෙයි. සපු කෂාය කර ගත් විට ආතරයිටිස්, උරස් කුහරයේ ආබාධ, හෘද නාල පටුවීමෙන් සෑදෙන වේදනා සඳහා සහනය ගෙනෙයි. එඬරු තෙල් සමග මිශ්‍ර කර ගත් සපු කොළ යුෂ සන්ධිවල ආලේපනයට ඉතා සුදුසු බැවින් එය ආතරයිටිස් රෝගයට ඔසුවක් ලෙස ගැනේ.
ඉමිහිරි සුවඳකින් යුක්ත සපු මල් පූජාකිරීමට ඉතා අගනේය. මෙරට විහාර චිත්රවල සපුමල ඇසුරෙන් කළ නිර්මාණ දක්නට ලැබේ. සපු මල් උතුරු ඉන්දීය පෙදෙස්වල ශිව දෙවියන් සහ කෘෂ්ණා පූජාවල දී බහුලව භාවිත කෙරේ. සිංහල කවිය හා ගීතය තුළ ද සපුමලට හිමිවන තැන වැදගත් කමින් අනූනය. සපු මලෙන් ලබා ලන්නා සුගන්ධ තෙල් සුවඳ විලවුන් නිශ්පාදයේදී යොදා ගැනේ. රීප්ප සහ ලෑලි සඳහා සුලබව භාවිතා කළද සපු ලී වටිනාකමින් අඩු දැවයක් ලෙස සැලකේ. ගෘහ භාන්ඩ සෑදීමට භාවිතා කරනුනේ කලාතුරකිනි. සපූ ලීය වියළි කාලවලදී හැකිලීමත් වර්ෂා කාලයේදී ප්‍රසාරණය වීමත් ලොකු පරාසයක සිදුවීම එහි වටිනාකම අඩු වීමට එක් හේතුවකි.
මූලාශ්‍ර_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
1 comments:
This is help me a lot
Post a Comment