
මලබද්ධය, වණ, සැරව ගෙඩි, ඉදිමුම්, ශාරීරික දුබලතා, තැලුම්, ගෙඩි, පිලිස්සුම් ආදියට ප්‍රතිකාර කිරීමට හෙන්දිරික්කා ශාකයේ කොළ, මුල්, අල සහ ඇට භාවිතා කරයි. හෙන්දිරික්කා රේචන, ශාමක, ශක්තිජනක හා බලකාරක ගුණ සහිතයි.
පිලිස්සුම් තුවාල සඳහා සම්පූර්ණ ශාකය කොටා යුෂ ගෙන තුවාලයේ ආලේප කිරීම හෝ එම යුෂ තල තෙල් සමඟ කකාරා ආලේප කිරීම සිදු කරයි. සැරව ගෙඩි සඳහා මුල් අඹරා ප්‍රලේපයක් ලෙස යොදයි. ශාරීරික දුර්වලතාවයන්ට හෙන්දිරික්කා මුල් එළඟිතෙලෙන් බැද එළකිරි සමඟ වැලඳිය යුතුය. තැල්මට මුල් ඇල් දියෙන් ගලගා ආලේප කරයි. කොළ යුෂ රත්කර ආලේප කිරීමෙන් ගෙඩි පැසවා යයි. ආසාත්මිකතාවයක් නිසා ඇති වන කරප්පන්වලට පත්‍ර ස්වරසය ආලේප කරයි. හෙන්දිරික්කා අල මෘදු විරේචන ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. හෙන්දිරික්කා මුල් සහ ඇට යම් විෂ සහිත බවකින් යුක්ත බව සඳහන්.
හෙන්දිරික්කා මල්, පූජකිරීමටත්, ගුප්ත විද්‍යා කටයුතු සඳහාත්, ආහාර වර්ණකයක් ලෙසත් යොදා ගන්නා අතර කොළ පළාවක් ලෙස කෑමට ගත හැකිය. සවස 4 ට පමණ මල් පිපෙන බැවින් පැරැන්නෝ වේලාව දැන ගැනීමට මෙම ශාකය භාවිතා කර ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
1 comments:
Very nice, and smells good
Post a Comment