
රත්පිත, කුෂ්ඨ රෝග, දන්ත රෝග, බෝවන රෝග, තුවාල අාදියට ප්‍රතිකාර කිරීම සඳහා ගූරැන්ද ශාකයේ මුල් සහ පොතු භාවිතා කරන බව සඳහන්. රත්පිතට සහ කුෂ්ඨ රෝගවලට ගුරැන්ද, සඳුන් සහ නියඟලා අල අඹරා, රතු තම්පලා යුෂ සහ දෙහි ඇඹුල් සමඟ එකට අනා ඇඟේ ආලේප කළ යුතුය. වණ තුවාල වෙදකමේ යෙදෙන තෙල්, බෙහෙත් ආලේපන ආදිය සඳහා ගුරැන්ද මුල් යෙදුනු අවස්ථා පැරණි පොත්වල සටහන්ව ඇත. මෙම මුල් තැම්බූ වතුරින් කබල ධාරණය කිරීමෙන් (එම වතුර කටෙහි රඳවා උගුර කට සෝදා ඉවත දැමීමෙන්) කට, දිව, තොළ, විදුරුමස ආශ්රිත රෝග සුවවන බව සිංහල යෝගරත්නාකරයේ සඳහන්ව ඇත. මුඛ රෝග චිකිත්සාවේ ප්රමුඛ ඖෂධයක් වන විටිඛදිර නැමැති ද්‍රව්‍ය සඳහා ප්‍රතිනිධි ලෙස දේශීය වෛද්‍යවරු ගුරැන්ද ගැනීමට පුරුදු වී ඇති අතර ඒ අනුව යමින් ඔවුන් කාලාන්තරයක සිට අරිවේදාදී තෛලයට ගුරැන්ද අරටුව යොදා ගැනීමට හුරු වී ඇත.
ගුරැන්ද අරටුව විෂබීජ නාශක ගුණයෙන් යුක්ත බව පැරණි දේශීය රහස් වට්ටොරුවල සඳහන්ව ඇත. ප්‍රතිශ්‍යා, උණ, උණ සන්තිපාතය, සරම්ප, පැපොල, වසූරිය ආදී වසංගත රෝග පැතිරෙන අවස්ථාවල ගුරැන්ද අරටු කැබැල්ලක් ඉණ බැඳ තබා ගැනීමෙන් එම අසනීප නොවැළඳෙන බවද ඒවායේ දක්වා ඇත.
ගුරැන්ද ලීය කුඩා කැබලිවලට කපා භූත දෝෂ සඳහා දුම් ඇලීමට යොදා ගනී. මෙම අරටු කැබැල්ලක් නිවසේ ප්‍රධාන උළුවස්සට ඇතුළු කිරීමෙන් අණවින කොඩිවින නොවදින බව ගැමි විශ්වාශයකි. මෙම අරටුව පරාල, රීප්ප ආදී දැව අවශ්‍යතා සඳහා කළ හැකිය. වැසි කාලයේදී අරටුවෙන් දැඩි දුඟදක් හමන නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවූ අවස්ථාද වාර්ථා වී ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
3 comments:
කාලින අවශ්‍යතාවයක් ඇති වැඩ සටහනක් මම දිගම බලනවා
VIP
ඉතාම වටිනා කරණු ගොන්නකි.
මට ආසාවක් ඇති උනා මෙම කරණු පිංතූරත් සමගින් ඇල්බම් එකක් සැදිමට. එමගින් ළමයින්ට මෙන්ම වැඩිවැඩිහටද අවශ්‍ය විට එය පහසුවෙන් කියවමට හැකිය ලැබෙනවා. මං දන්නැ මෙ කරණු ඇතුළත් පොත් මිලදි ගැනීමට වෙළෙඳපොළහි තිබේනවාද යන්න එහෙම තිබේනම් මාව දැනුවත් කරන්න.
පුළුවන්නම් මෙ සියල්ලම කරණු අන්තර්ගතව PDP පයිල් එකක් අපට දෙන්න එය ගොඩක් වැදගත් සහ පිනකි ඔබට.
Post a Comment