
චර්ම රෝග, කුසගිනි මදිකම, ආහාර දිරවීමේ දෝෂ, අතීසාර, පණු රෝග, ප්‍රමේහ, රුධිරය දූෂණය වීම, රක්ත පිත්ත, වණ, පිලිකා, පිලිස්සුම් වණ, අංශභාග, පාණ්ඩුව, අභිඝාත ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී වැල්මදට ශාකයේ විශේෂයෙන් මුලුත්, මුල් සහිත සම්පූර්ණ වැලත් භාවිතයට ගනී. වැල් මදට කුෂ්ඨ නසන, දීපන, ස්තම්භන, පණුවන් නසන, මව්කිරි ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, ගර්භාෂය උත්තේජනය කරන, ආර්ථවය ඇති කරවන, ශරීර වර්ණය යහපත් කරවන, විෂ නසන, රසායන ආදී ගුණයන් සහිතයි.
ලේ සමඟ මුත්‍ර පිටවීමට වැල්මදට සහ සුදුහඳුන් කෂාය බොන්නට දෙයි. පිළිස්සුම් තුවාල නිසා හටගත් වණවලට වැල්මදට, සුදුහඳුන්, මුරුවා මුල් යන මේවායෙන් පිසගත් ගිතෙල් ආලේප කළ යුතුය. සම මතුපිට ලප හා අසාමාන්‍ය වර්ණ ඇති වීමට වැල්මදට මුල් අඹරා සාදාගත් ප්‍රලේපය මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරයි. අස්ථි බිඳුම්වල දී ඇති වන වේදනාව සහ ඉදිමුම් සමනයට වැල්මදට සහ වැල්මී මුල් අඹරා කන්ජික සමඟ තලපයක් ලෙස ආලේප කළ යුතුය. වණ පිලිකා, පිළිස්සුම් ආදියට වැල්මදට, රත්හඳුන් සහ නියඳ මුල් සමව ගෙන ගිතෙල් සමඟ සාදා ගන්නා තලපය ආලේප කරයි. අභිඝාත සඳහා වැල්මදට මුල් විනාකිරෙන් අඹරා ආලේප කරයි. කුෂ්ඨවලට වැල්මදට මී පැණියෙන් අඹරා ආලේප කරයි. වැල් මදට චූර්ණය මී පැණියෙන් අනා ගෑමෙන් කුරුලෑ සමනය වේ.
අප්‍රිකාවෙහි වැල්මදට කොළවල සහ මුලෙහි යුෂ පෙනහලු මතුපිට ඇති සියුම් චර්මාවරණයේ දැවිල්ල සහ පපුවේ වෙනත් දැවිලි ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. සියලූම ඖෂධීය තෙල් වර්ග භාවිතය සඳහා ප්‍රථමයෙන් පිළියෙල කිරීමේදී ඒවා වැල්මදට සමඟ තම්බා ගත යුතු බව සඳහන් කර ඇත. ගැමියන් වැල්මදට ගුප්ත බලපෑම්වලින් මිදීම සඳහා යොදා ගත හැකි බව විශ්වාස කරන අතර ඇස්වහ වැනි දෝෂවලින් මිදීමේ අරමුණෙන් කුඩා දරුවන්ගේ සහ සුරතල් සතුගේ ගෙලෙහි මෙම වැලක් බැඳ තබන බව සඳහන්.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
11 comments:
ඉතාමත් වටිනා හෙල ඔසු පිළිබඳ මේ විස්තර සැපයීම ඔබට විශාල පිනක්
ස්තූතියි
ස්තුතියි ඔබටත්
ithamath watina karyak......sthuthi.
ස්තුතියි
copy karaganna bene me words a e
ශ්‍රී ලංකාව තුල වඳවීමේ තර්ජනයට භාජනයවී ඇති ඔසු පැල වර්ග හඳුනාගෙන වගා නොකර ඉන්න හේතුව මොකක්ද 0773024995 පඩුවස්නුවර
මේ සෙනරත් අයියා නේද?
මේ සෙනරත් අයියා නේද?
මේ ශාකය ලංකාවේ කුමන පලාත් වලද තිබෙන්නේ
ගොඩාක් ස්තුතියි 🙏
ithamath durulabai, thiyana thank thiyanawanam danum dena, (Sudu kabara rogaya sadaha) 0702504986
Post a Comment