දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, October 28, 2018

වල්ලූණු [Wallunu] (Pancratium zeylanicum)

වල්ලූණු බල්බය නමින් හඳුන්වන ව්‍යාජ භූගත කඳක් හෙවත් අලයක් සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. බල්බයේ හැඩය ගෝලාකාර හෝ උපගෝලාකාර වේ. මාංසල බවින් යුත් පත්‍රයක දිග සෙ.මී. 15-30 දක්වා විය හැකි අතර පළල සෙ.මී. 1.5-2 දක්වා වේ. පත්‍ර හැඩය පටු ලන්සාකාර හෝ ප්‍රතිලන්සාකාරයි. උඩ පෘෂ්ඨය ඔප සහිත කොළ පැහැ වන අතර යට පෘෂ්ඨය අළු පැහැයට හුරු කොළ පැහැතිය. පත්‍ර ගොනුවෙන් පැන නගින සෙ.මී.  8.5-25 පමණ දිග සිලින්ඩරාකාර නටුවක් සහිත මල් තනි තනිව හට ගනී. මල්  සුදු පැහැති වන අතර අලංකාරවත් ය. තල 3ක් සහිත බීජ කෝෂය සෙ.මී.2ක් පමණ දිග වන අතර සෙ.මී.1.5ක් පමණ පළලයි. ඒ තුල උප ගෝලාකාර හැඩැති බීජ විශාල ප්‍රමාණයක් පිහිටයි.  විසිතුරු ශාකයක් ලෙස ද වැවිය හැකි වල්ලූණු Amaryllidaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

ඇතමුන් මෙම ශාකයට තරමක් සමාන සුදු මල් හට ගන්න Hymenocallis littoralis සහ  Hymenocallis littoralis නම් විදේශීය විසිතුරු දෙකක් සහ රතු හෝ තුඹිලි පැහැති මල් හට ගන්නා Hippeastrum puniceum නම් විදේශීය විසිතුරු ශාකයක් වල්ලූණු ලෙස සලකා ඖෂධ සඳහා භාවිතා කරනු දැකගත හැකිය. විද්වත් මතයට අනුව එය ඵලදායී නොවන වැරදි භාවිතයකි.  

ගෙඩි, අර්ශස්, කැඩුම් බිඳුම් ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා ප්‍ර‍ධාන වශයෙන් වල්ලූණු ශාකයේ බල්බය හෙවත් අලය භාවිතා කරයි. අස්ථි භග්නයකදී කැඩී ඇති සියුම් ඇට කැබලි එලියට ගැනීම සඳහා වල් ලූණු අල, මුං ඇට සමග පොල් කිරෙන් අඹරා බඳියි. 

මූලාශ්‍ර‍_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින්
සේයාරූ_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන්
‍ෙ
Share:

5 comments:

ටී.ඒ.සී.එම් කරුණාතිලක said...

ඉතා වැදගත් දැනුවත් කිරීමක්.මෙම බෙහතේ පැලෑටි ලබා ගතහැකි ස්ථාන පිළිබද දැනුවත් කළ හැකිනම් වඩාත් සුදුසුය.
පාරම්පරික සර්ප විෂ වෛද්‍ය-ටී.ඒ.සී.එම් කරුණාතිලක.

RHMCT RATNAYAKE said...

ඕනෑ තරම් පැළ ලබාදිය හැකියි.විමසන්න 0712579278

dgcharitha said...

වැදගත් ලිපියක්

Unknown said...

Anee mata meka ganna bariweid hadisyak..behethakata onee.thynwann 0785278006 /0112770909 mekata kynkoooo plss

Unknown said...

Ona tharam pela ala thiyanawa milak ethnam kiyanna 0768228640

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support