
තිත්ත සමදරා යනුවෙන්ද හඳුන්වන සමදරා මීටර් 5-12 දක්වා උසට වැඩෙන ගසක් හෝ පඳුරක් ආකාරව වැඩෙන සදාහරිත ශාකයකි. කඳේ තීර්යක් පැලීම් දක්නට ලැබේ. එ්කාන්තරව පිහිටන සරල පත්‍ර දිගින් සෙ.මි. 12-28 දක්වා හා පළලින් සෙ.මි. 4-14 දක්වා වැඩේ. පත්‍ර හැඩය ආයත ඉලිප්සාකාර සිට ලන්සාකාර වේ. පත්‍රයේ පෘෂ්ඨ දෙකම සිනිඳු සහ දිලිසෙන සුළු වන අතර පත්‍ර අග්‍රය තීව්ර හෝ අති තීව්ර විය හැකි ය. සෙ.මි. 18 දක්වා දිග නටුවක් සහිත ඡත්‍රාකාර පුෂ්ප මංජරිය පහලට එල්ලා වැටෙන ස්වරූපයකි. මල් කොළ පැහැයට හුරු ක්‍රීම් පැහැ, ළා දම්, සුදු, හෝ අළු පැහැයට හුරු කහ පැහැති විය හැකිය. ඵලය සෙ.මි 2-5 × 4 පමණ වන අර්ධ කවාකාර හැඩති කරලකි. සමදරා Simaroubacea උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.
සමදරා හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන් කුඩා දරුවන්ගේ උෂ්ණ බිබිලි ආදි සමේ රෝග වලට ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස සැලකේ. එමෙන්ම උණ, හිසේ රෝග, කැඩුම් බිඳුම්, වණ, තුවාල, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා සමදරා ශාකයේ කොළ, පොතු, මුල්, ඇට ආදිය භාවිතා කරයි.
පණුවන් සහිත වණවලට සමදරා ඇට, දලුක් කිරි, දිවිකදුරු කිරි, ගොළුබෙලි සාරු, පුස් ඇට, අංකෙන්ද පොතු, ලුණු යොදා අඹරාගත් යුෂයෙන් පිරිසිදු කපු රෙදි කැබැල්ලක් තෙමා වණයේ තැවරීම කලයුතු ය. මෙය සතියක් සිදුකර බෝවිටියා සහ තැල් කොළ කොටා කොහොඹ තෙලින් මලවා බැඳීමෙන් වණය සුවපත්වන බව සඳහන්. සර්ප විෂ නිසා ඇතිවන අතුරැ ආබාද සඳහා ප්‍රතිකාර කිරීමට යොදන කෂාය සඳහා පොතු, මුල් යොදා ගනී. මීට අමතරව ශරීරයේ හටගන්නා ගඩු සඳහා යොදන කෂාය වර්ගවල ද, තිමිර, ඇස්වලින් කඳුලු ගැලීම ආදී අක්ෂි රෝගවලදී යෙදෙන ඖෂධ සඳහා යෝගයක් ලෙස සමදරා මුල් ඇතුලත් වේ.
මූලාශ්‍ර_ තල්පතේ පිලියම් කෘති සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින්
14 comments:
කිරි ගසක්ද මේ ගස
කිරි ගසක් ද සමදරා කියන්නෙ ?
සමදරා කොල පොතු අවශ්‍යයි...මිල දී ගැනීමට කවුරුන් හෝ සතු නම් මේකට පිලිතුරක් දෙන්න
මේවා තියෙන්නේ කොහෙද
We can supply
Call 0715301592
අවශ්‍ය නමි විමසන්න
0715301592
ඔිනැම සිංහළ බෙහෙත් ඹෟෂධ ගෙදරටම ගෙන්වා ගැනීම සදහා විමසන්න.
0715301592
සමදරා පොතු අවශ්‍යයි හැකිනම් ලබාදෙන්න 0766354657
සමදරා ශාඛයක් මිලදි ගැනිමට අවශ්‍යයි
සමදරා කිරි ගසක්ද?
Yes
Rs. 5,000/kg
0715301592
සමදරා සොයා ගැනීමට අවශ්‍යයි 0705062500 කතා කරන්න
මට සමදරා කොල බෙහෙතකට අවශ්‍යයි දිනක් ඇතුලත මෙය ලබාගැනීමට අවශයි ඇත්නම්ම මෙම දුරකතනයට ඇමතුමක් ලබා දෙන්න 0789025338
Me number ekata call kala answer karanne naha
Post a Comment