තුවාල, සර්ප විෂ, අක්ෂි රෝග, ඇසේ යමක් ඇණුන විට එය එය ඉවත් වී තුවාලය සුව වීමට ආදීය අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට සුළුනයි සම්පූර්ණ ශාකයම භාවිතා කරයි.
සුළු නයි කොළ අඹරා තැබීමෙන් තුවාලවල ලේ ගලා යාම නවතී. සුදුළූණු, වදකහ, තුන් බෝ අත්තන මුල්, සුළු නයි මුල් සමව ගෙන සුණු කොට සාදාගන්නා දුම් පන්දුව සියලු සර්ප විෂට වේදු ඇල්ලීම පිණිස යොදා ගනී. විෂ වෛද්‍යවරු මුඛයෙන් නාග විෂ ඉරීමට ප්‍රථම සුළු නයි, මහ නයි දෙවර්ගයේ මුල් සැපීම සිදුකරන බව සඳහන්. එසේම සර්ප විෂ සඳහා සාදන ගුලි වර්ගවල යෝගයක් ලෙස ද සුළු නයි යොදා ගනී. ඇසේ යමක් ඇනී තුවාල වූ විට අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට,කොහොඹ කොළ, කූර කොළ, කරල් සැබෝ කොළ, ඔලිඳ කොළ, බුත්සරණ මුල්, තැල් කොළ, සුළු නයි කසාය කර ඇසට වත් කරන අතර සුළු නයි, මහ නයි, මොණරකුඩුම්බිය, තැල් කොළ, බූ මෑ කොළ, ගොටුකොළ, කරල්සැබෝ කොළ ආදියෙන් ලද පමණක් තලා වත් කිරීම ද සිදු කරන බව දක්වා ඇත. ඇසේ සුද නැති වීමට සුළු නයි, මොණරකුඩුම්බිය, පොල්පලා තලා ඇසට වත් කරන බව ද කියැවේ.
මූලාශ්‍ර_ තල්පතේ පිළියම් කෘති
සේයාරූ_ Illustrated field guide to the flowers of Sri Lanka - Volume 1 සහ වෛද්‍ය සංජීව රූපසිංහ







5 comments:
Good
LuckyClub Casino Site | Welcome to Lucky Club!
LuckyClub offers a number of exciting online casino 카지노사이트luckclub games, such as Poker, Blackjack, Roulette, Slots, Video Poker, Texas Hold'em, Baccarat and a variety of
It is available this plant
fr
Botanical explorations like Sulunai Rungia repens show Sri Lanka's rich biodiversity and the country's online betting scene is just as diverse now with platforms like https://srilanka-melbet.net/ offering sports betting on international and local events, esports tournaments, and poker tables. The site is legal and the registration process took only a few minutes before I could deposit and start exploring the different sections. The variety keeps me coming back whether I am in the mood for cricket odds or a few hands of poker.
Post a Comment