
ආමවාත, වාතරක්ත, රක්තවාත, පූයමේහ, අන්ත්‍රශූල, සන්ධිශූල, කුෂ්ඨ, විෂ, කාස, ගුල්ම, උදරරෝග, වණ, වණ සහිත ඉදිමුම්, රක්තප්‍රදර, අර්ශස්, උදරාධ්මාන, අජීර්ණ, ශරීර දාහය, රක්තහීනතාවය, සුප්තවාත, ස්නායු දුර්වලතා, අස්ථි භග්න ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කීමට බිංතඹුරු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. බිංතඹුරු වමනකාරක, විරෙචක, රක්තශෝධක, මුත්‍රකාරක, ඉදිමුම් සමනය කරන, ශක්තිජනක, විෂනාශක ආදී ගුණ සහිතයි. බිංතඹුරු ක්වාතය, බිංතඹුරු ස්වරසය බිංතඹුරු යොදා නිපදවන ඖෂයන් ය.
වළලුකර ඉදිමීමට බිංතඹුරු කොළ, අමුකහ, ලුණු සමඟ කොට මලවා බඳී. ආමවාත, වාතරක්ත, පූයමේහ, ජලෝදර, සන්ධි ඉදිමුම් ආදියට බිම්තඹුරු කොළ සහ මුල් තැම්බූ කෂාය බොන්නට දෙයි. ජලෝදර රෝගය සඳහා මුත්‍රකාරකයක් ලෙස බිංතඹුරු යුෂ යෙදීම හා තලාගත් පත්‍ර ප්‍රලේපය උදරයේ ආලේප කිරීම සිදු කරයි. විසර්ප, ආමවාත, ඉදිමුම්, කෙණ්ඩාපෙරලීම්, දියවැඩියාව නිසා හට ගන්නා තුවාල ආදියට බිංතඹුරු කොළ අඹරාගත් ප්‍රලේපය ආලේප කරයි. චර්ම රෝගවලට බිංතඹුරු යුෂත්, වාතරක්ත සහ සන්ධි ඉදිමුම් ආදියට පත්‍ර යුෂත් යොදා ප්‍රතිකාර කරයි. ගුදභ්‍රංස සහ පාද ආසාදනවලට අදාල ස්ථාන බිංතඹුරු කොළ තැම්බූ ජලයේ බහා තබයි. කැඩුම් බිඳුම්වලදී බිංතඹුරු කොළ එළඟිතෙලින් මලවා බඳී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
3 comments:
අක්මා රෝගයක් වන සිරෝසීස් සඳහා ගුණ ඖෂධ පැළෑටි මොනවාද? ඔබගේ මෙම සත් ක්‍රියාව ඉතා අගය කොට සලකමි. තෙරුවන් සරණයි!.
හීන්බෝවිටියා කැද සහ මොනරකුදුම්බිය කැද හොදය...
👍
Post a Comment