මෙම වැලේ කඳ දාර තුනකින් යුත් තුන්හුලස් රූපාකාරයකින් යුත් නිසා තිරස්තවාලු යන නම යෙදී ඇත. සංස්කෘතෙයෙන් ත්‍රිවෘත් යනුවෙන් ද සිංහලෙන් තිරැස්සවාලු සහ තිරස්සවාලු යනුවෙන්ද හඳුන්වන මෙය නිඛාතීය හෝ කෝණික හැඩයෙන් යුත් බහු වාර්ෂික වැල් ශාකයකි. වැලේ බොහෝ කොටස් අකාෂ්ඨීය වන...
Monday, February 12, 2018
Sunday, December 31, 2017
වල් ඇඹරැල්ලා [Wal Ebarella] (Spondias pinnata)
වල් ඇඹරැල්ලා මීටර් 25 ක් දක්වා උසට සහ සෙ.මි. 60 දක්වා විශ්කම්භයක් සහිතව වැඩෙන විශාල පතනශීලී වෘක්ෂයකි. ඝණකම් පොත්ත සිනිඳුය. පොත්ත පළුදු කළ විට උකු මැලියම් ද්‍රාවණයක් ස්‍රාවය වෙයි. ළපටි අතු සහ කොළ කහ පැහැයට හුරු දුඹුරු පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි....
Sunday, December 24, 2017
ඇඹරැල්ලා [Ebarella] (Spondias dulcis)
ඇඹරැල්ලා ශක්තිමත් නොවන කඳක් සහිත පතනශීලී හෝ පතනශීලී නොවන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ සහ අතු සිනිඳු වන අතර පොත්තෙන් මැලියම් ස්‍රාවය වෙයි. ඒකාන්තරව පිහිටන අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර සෙ.මි. 45 දක්වා දිගු විය හැකිය. සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 3-7 දක්වා පිහිටන අතර එක්...
Sunday, December 17, 2017
විෂ්ණුක්‍රාන්ති [Vishnukranthi] (Evolvulus alsinoides)
විෂ්ණුක්‍රාන්ති පොළව මත වැතරී වැඩෙන හෝ ඇතැම් විට ඉහලට වැලක් ආකාරයෙන් වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම සේදවන් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර හැඩයෙන් ඉලිප්සාකාර සිට රේඛීය ආයත වේ. පත්‍රයක දිග සෙ.මි. 0.8 සිට 2.6 දක්වා විය හැකිය. පුෂ්ප මංජරිවල...
Sunday, December 10, 2017
අතිවිඩයම් [Athividayam] (Aconitum heterophyllum)

අතිවිෂා යනුවෙන්ද ප්‍රකට අතිවිඩයම් සෘජු කඳක් සහිතව මීටරයක් දක්වා උසට වැඩෙන බහු වාර්ෂික පැළෑටියකි. භූගත අලයක් සහිත මෙහි නොමේරූ කඳ කොළ පැහැතිය. කෙඳි මුල් රාශියක් සහිත අලය බාහිරින් අළු දුඹුරු පැහැති වන අතර ඇතුලත සුදු පැහැයක් ගනී. ඛණ්ඩිකා පහකට පමණ බෙදුණු සරල පත්‍ර...
Sunday, December 3, 2017
බබ්බුල [Babbula] (Acacia nilotica)

බබ්බුල මීටර් 8 පමණ උසට සහ සෙ.මි. 80 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන ලංකාවට හඳුන්වා දෙන ලද ශාක විශේෂයකි. පිටත පොත්ත තද දුඹුරු පැහැතිය. සෙ.මි. 1 පමණ ගණකම් ඇතුල පොත්ත තැඹිලි පාටට හුරු කහ පාටය. ළපටි අතුවල සියුම් බූවත් දක්නට ලැබේ. පත්‍ර නටුව අසල සෙ.මි. 5 දක්වා දිගුවිය හැකි උපපත්‍ර ආකාරයේ...
Sunday, November 26, 2017
කටු අන්දර [Katu Andara] (Dichrostachys cinerea)

කටු අන්දර වෙරළාසන්න ප්‍රදේශවල සුලභව හමුවන මීටර් 6 පමණ උසට අතු පැතිරී වැඩෙන පඳුරු අාකාර කුඩා දේශීය ශාකයකි. අතු කෙලවර හා පත්‍ර නටුව අසල තියුණු කටු දැකගත හැකි ය. පිටත පොත්ත කහ පාටට හුැරු අළු පාට වන අතර ඇතුලත සජීවී පොත්ත ළා දුඹුරු පැහැති ය. අප්‍රසන්න සුවඳකින් යුත්...
Sunday, November 19, 2017
මහ අන්දර / ඉරිමේද [Maha Andara / Irimeda] (Acacia leucophloea)

සංස්කෘතෙන් ඉරිමේද යනුවෙන් ද හඳුන්වන මහ අන්දර මීටර් 10 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ඇතැම් විට මීටර් 35 දක්වා උසට වැඩෙන අවස්ථාවන් ද හමු වෙයි. කහ පැහැයට හුරු සුදු පැහැති පොත්ත සිනිඳු ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයේ අනු ප්‍රාක්ෂ 4-13...
Sunday, November 12, 2017
කෙන්හිඳ [Kenhida] (Rotheca serrata)
කන්හැන්ද සහ කෙම්හැන්ද යනුවෙන් ද හඳුන්වන කෙන්හිඳ මීටර් 4 ක් පමණ උසට වැවෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. ළපටි කඳ කොළ පැහැතිය. සාමාන්‍යයෙන් ඉලිප්සාකාර හැඬයෙන් යුත් සරල පත්‍ර සම්මුඛව පිහිටයි. කලාතුරකින් පත්‍ර හැඩය ඉලිප්සාකාර-ප්‍රත්‍යණ්ඩාරකාර හෝ ප්‍රත්‍යණ්ඩාරකාර විය හැකිය. පත්‍රයක්...
Sunday, November 5, 2017
මුවකීරිය [Muwakeeriya] (Cynanchum viminale)

සෝමලතා යනුවෙන්ද හඳුන්වා ඇති මුවකීරිය පඳුරක් හෝ අධාරක ශාකයක එතෙමින් ඉහලට වර්ධනය වන කිරි සහිත වැලකි. මාංසල කොළ පැහැති සිලින්ඩරාකාර කඳේ පත්‍ර නොපිහිටයි. පතනශීලී ශල්ක තිබිය හැකිය. සුදු හෝ ළා කහ පැහැයට හුරු නිර්වෘත්ත පුෂ්ප කඳේ ගැට අසල තනි තනිව හට ගනී. ඒවා ඇතැම් විට පොකුරක් ආකාරයට...