දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, October 7, 2018

සමදරා [Samadara] (Quassia indica)

තිත්ත සමදරා යනුවෙන්ද හඳුන්වන සමදරා මීටර් 5-12 දක්වා උසට වැඩෙන ගසක් හෝ පඳුරක් ආකාරව වැඩෙන සදාහරිත ශාකයකි. කඳේ තීර්යක් පැලීම් දක්නට ලැබේ. එ්කාන්තරව පිහිටන සරල පත්‍ර‍ දිගින් සෙ.මි. 12-28 දක්වා හා පළලින් සෙ.මි. 4-14 දක්වා වැඩේ. පත්‍ර හැඩය ආයත ඉලිප්සාකාර සිට ලන්සාකාර වේ. පත්‍රයේ...
Share:

Tuesday, October 2, 2018

උල්වැරණිය [Ulweraniya] (Hedyotis neesiana)

උල්වැරණිය බිම දිගේ වැලක් ආකාරයෙන් වැවෙන කුඩා වාර්ෂික පැලෑටියකි. කඳ ඇතැම් විටක දෘඩරෝමීය වේ. වැලේ ආරම්භක කොටස කාෂ්ඨීය යි. ද්වීකාන්තරික සම්මුඛව පිහිටන සරල පත්‍ර අණ්ඩාකාර සිට මඳ වශයෙන් ඕවලාකාර හෝ රේඛීය ලන්සාකාර විය හැකි ය. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 3-5.5 සහ පළලින් සෙ.මි. 0.5-2...
Share:

Sunday, September 23, 2018

ගොඩකිරිල්ල [Godakirilla] (Holoptelea integrifolia)

ගොඩකිරිල්ල මීටර් 25 දක්වා උසට වැඩෙන තරමක් විශාල ශාකයකි. පොත්ත අළු දුඹුරු පැහැති හෝ සුදු පාටට හුරු කොළ පාට වන අතර අප්‍ර‍සන්න ගන්ධයකින් යුක්ත ය. ළපටි කොටස්වල බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සීය-ආයත සිට ඉලිප්සීය-අණ්ඩාකාර වේ. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7.5-13...
Share:

Sunday, September 16, 2018

සෙනෙහෙකොළ [Senehekola] (Senna alexandrina)

සෙනෙහෙකොළ මීටර් 3 ක් පමණ උසට වැඩෙන පඳුරු අාකාර කුඩා බහු වාර්ෂික ශාකයකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර‍ ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍ර‍ක් දිගින් සෙ.මි. 5-16 පමණ විය හැකිය. සංයුක්ත පත්‍ර‍යක පත්‍රිකා යුගල් 9 දක්වා පිහිටයි. පත්‍රිකාවක් දිගින් සෙ.මි. 5 දක්වා සහ පළලින් සෙ.මි. 1 දක්වා වර්ධනය...
Share:

Tuesday, September 11, 2018

බිංනුග [Binnuga] (Tylophora indica)

බිංනුග වෙනත් ශාක මත ඉහල නඟින හෝ බිම වැතිරී වැඩෙන වැල් ශාකයකි. සම්මුඛව පිහිටන සරල පත්‍ර‍ පුළුල් ලෙස අණ්ඩාකාර සිට අණ්ඩාකාර-ආයත වේ. පත්‍රයේ ඉහල පෘෂ්ඨය බූව සහිත හෝ සිනිඳු වන අතර යටි පෘෂ්ඨය බූවකින් වැසී හෝ සම්පූර්ණයෙන්ම සිනිඳු විය හැකිය. පත්‍ර‍ පාදය හෘදයාකාර ය. පත්‍ර අග්‍ර‍ තිවෘ...
Share:

Monday, September 3, 2018

ගොඩපර [Godapara] (Dillenia retusa)

.article-content { -webkit-user-select: none; -webkit-touch-callout: none; -khtml-user-select: none; -moz-user-select: none; -ms-user-select: none; user-select: none; } ගොඩපර මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන දේශීය සදාහරිත...
Share:

Sunday, August 26, 2018

සන්නිනායම් [Sanninayam] (Vernonia anthelmintica)

සන්නිනායම් සෘජු කඳක් සහිතව මීටර් 0.5-1.5 පමණ උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. දාර සහිත කඳේ බූවක් පිහිටයි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සාකාර-ප්‍ර‍ත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7-13 සහ පළලින් සෙ.මි. 2-5 පමණ වේ. පත්‍ර‍ දාරය තියුණු දැති අකාර වන අතර පත්‍ර‍...
Share:

Sunday, August 19, 2018

සේරු [Seru] (Premna tomentosa)

රේරු සහ බූ සේරු යනුවෙන්ද හඳුන්වන සේරු පඳුරක සිට මීටර් 4-16 දක්වා උසට වැඩෙන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳෙහි විශ්කම්භය සෙ.මි. 25-40 දක්වා විය හැකිය. පොත්ත අළු හෝ කහ පාටට හුරු තද දුඹුරු පැහැති ය. ළපටි අතුවල දුඹුරු පැහැති ඝණ බූවක් දක්නට ලැබේ. පතනශීලි සරල පත්‍ර...
Share:

Monday, August 13, 2018

වැල්මදට [Welmadata] (Rubia cordifolia)

වැල්මදට සිහින් චතුරශ්‍රාකාර කඳකින් යුත් දිගු මූල පද්ධතියක් සහිත බහු වාර්ෂික වැල් ශාකයකි. මධ්‍යය රතු පැහැති, විගසින් කැඩී යන දුර්වල කඳ මීටර් 6 ක් පමණ දිගට වර්ධන වේ. කඳෙහි පැහැදිළි ගැට දැකගත හැකිය. ගැට අසලින් පත්‍ර සහ පර්ශු හට ගනී. පර්ශු මත කුඩා කටු වැනි ව්‍යුහ දැකගත හැකිය. අණ්ඩාකාර...
Share:

Sunday, August 5, 2018

මුරුවා [Muruwa] (Marsdenia tenacissima)

මුරුවාදූල් යනුවෙන්ද හඳුන්වන මුුරුවා මීටර් දෙකක් පමණ දිගට වැවෙන ඝන බූවක් සහිත ඉතා ශක්තිමත් බහු වාර්ෂික වැල් ශාකයකි. හෘදයාකාර හැඩැති තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර තලය දිගින් සෙ.මි. 7-18 සහ පළලින් සෙ.මි. 6-16 දක්වා වර්ධනය වේ. පත්‍ර තලයේ ඉහල පෘෂ්ඨයේ සිනිඳු බූවක්...
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support