
සමේ රෝග, ළදරුවන්ගේ රත ගාය, රත කුෂ්ඨ, අක්ෂි රෝග, සමෙහි ඇතිවන දිලීර ආසාදන, අවිධිමත් ඔසප්වීම, ආහාර අරුචිය, උගුර වණ වීම, කැස්ස ආදී රෝග තත්වයන්ට ප්රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ මල්, පොතු සහ කොළ යොදා ගනී. රත්මල් පිත සහ සෙම ඉවත් කිරීමට උපකාර වේ. මෙරට ජනයා පුරාණයේ සිට කුඩා දරුවන් නාවන ජලයට මෙම මල් එක් කිරීම සිදුකර ඇත. එය ග්රාමීය ප්රදේශවල අනිවාර්ය අංගයක් ලෙස අදටත් සිදු කරයි. ඒ මෙම මල්වල පවතින සමේ රෝග සුවකිරීමේ හැකියාව සහ විශබීජ නාශක ගුණය පෙර කල සිටම ගැමියන් දැන සිටි නිසා විය යුතුය.
රත්මල් කොළ සහ පොතු තම්බා ගත් වතුරට සීනි දමා බීමට දීම, රත්මල් පොතු ක්වාතය දීම සහ වදමල් කැකුළු, රත්මල්, රත් හඳුන්, වැල්මී තම්බා ගත් වතුරට සීනි, මී පැණි දමා බීමට දීම රත ගායට ප්රතිකාරයන්ය. රත කුෂ්ඨ සඳහා රත්මල් කොළ, උඳුපියලි, කැකුළු හාල් ස්වල්පයක් වතුරින් අඹරා රත කුෂ්ඨයේ ගෑමෙන් සුවය ලැබෙයි. එමෙන්ම මල් අබ කොළ, රත්මල් කැකැළු අඹරා තල තෙලින් ගෑම, රත්මල් කැකුළු පමණක් අඹරා ගෑමද ඒ සඳහා ප්රතිකාරයන් ය.
මූලාශ්ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment