දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, September 28, 2015

කිරි අඟුණ [Kiri Aguna] (Tylophora pauciflora)

කිරි අඟුණ අධාරක ශාකයක් මත හෝ පොළවට සමාන්තරව වර්ධනය වන බහු වාර්ෂික වැල් ශාකයකි. එතරම් ශක්තිමත් නොවූ මෙහි කඳ කොළ පැහැතිය. බිම දිගේ වර්ධනය වන ශාඛාවලින් පොළවට මුල් ඇදේ. හරිත පැහැ සරල සම්මුඛ පත්‍ර දිළිසෙන සුලුය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු මිශ්‍ර කහ හෝ කොළ පැහැයක් ගනී. ඵලය වරාවකි. එය පිපිරී යෑමෙන් කෙඳි සහිත බීජ සුළඟේ පාවී ගොස් ව්‍යාප්ති සිදුවේ. කිරිඅඟුණ කොළ, මැල්ලුමක් ලෙස සහ සලාදයක් ලෙස ආහාරයට ගත හැකිය. කිරි අඟුණ Asclepiadaceae කුලයට අයත් ශාකයකි.

සෙම් රෝග, සුදු කබර, අර්ශස්, ගෙඩි, වණ, ස්වාසනාළිකා ප්‍රදාහය, අජීර්ණ, ඉදිමුම්, අක්ෂි රෝග, සර්ප විෂ, පිස්සු බලු විෂ, පණු රෝග, පක්ෂඝාතය, මානසික ආතතිය ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී කිරිඅඟුණ ශාකයේ කොළ, දළු, මුල්, දඬු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. කිරිඅඟුණ කොළ කිරි දෙන මව්වරුන්ගේ ක්ෂීරය වර්ධනය කරන පළාවක් ලෙස ඉතා ප්‍රකටය. එමෙන්ම එය ගර්භණී මව්වරුන්ගේ මලබද්ධය නැති කිරීමටද උපකාරී වේ. සතියකට වරක් කිරිඅඟුණ කොළ මැල්ලුම් ලෙස ආහාරයට ගැනීම ඇදුම සහ දියවැඩියා රෝගීන්ට ගුණදායකය. විශේෂයෙන් විෂනාශක ගුණයෙන් යුක්තය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
Share:

2 comments:

Sudasinghe said...

ඡායාරූපයේ සඳහන් වන්නේ අඟුණ විශේෂයක් වුවද එය කිරි අඟුණ නොවේ.

Blog Ideas said...

මීට අමතරව කිරි අගුණ මගින් මතක ශක්තිය වර්ධනය කිරීමක් සිදු වෙනවා. එහෙයින් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ට ඉතාමත් හොඳ ඔසූවක්. මෙය අමුවෙන් සම්බෝලයක් ලෙස සකසා දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. බාල මහලු ගැන කෙනෙක්ට ම තමන්ගේ කල්පනා ශක්තිය වැඩි කිරීමට ඉවහල් වෙනවා.

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support