Home »
» කෝන් [Koon] (Schleichera oleosa)
කෝන් මීටර් 25 දක්වා ඉහලට වර්ධය වන හොඳින් අතු පැතීරී වැඩෙන විශාල ගසකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවේ. වැඩුණු ගසක අළු දුඹුරු පැහැති ඝණකම් පොත්ත ඉරිතැළුණු ස්වභාවයකින් යුක්තය. සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ස්වභාවයකින් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කොළ පැහැතිය. වෙරළු ගෙඩියකින් අඩක් තරම් වන ගෝලාකාර ඵලය ඉදුණු පසු පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එක් ඵලයක් තුල බීජ එකක් හෝ දෙකක් පිහිටා තිබේ. කෝන් Sapindaceae කුලයට අයත් ශාකයකි.
අතීසාරය, කොළරාව, කුෂ්ඨ රෝග, වාත වේදනා, හිසරදය, ආමවාතය, උණ, සෙංගමාලය ආදී රෝග සඳහා කෝන් ශාකයේ කොළ, පොතු, මල්. ඇට, මුල් ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරන බව සඳහන් වේ. කෝන් ඇටවලින් සිඳ ගන්නා තෙල් කේෂවර්ධන ආලේපයක් ලෙස යොදා ගන්නා අතර ම මෙම තෙල් සමග කෝන් ශාකයේ පොත්ත මිශ්‍ර කොට කුෂ්ඨ රෝග සදහා ආලේපයක් ලෙස භාවිතා කරයි. කෝන් කොළ කැඳ සෙංගමාල රෝගය සඳහා ගුණදායකය. කෝන් කාමෝද්දීපක ගුණ සහිතයි.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

ො
0 comments:
Post a Comment