මෙය මීටර් 1.5 දක්වා උසට පඳුරක් ආකාරයෙන් වැඩෙන ශාකයකි. දිගැටි හැඩයෙන් යුත් තද කොළ පැහැති පත්‍රවල නාරටි රතු/දුඹුරු පැහැයෙන් යුක්තය. පත්‍ර නටුවෙහි මුල තියුණු කටු සහිතය. පුෂ්පමංජරියක හට ගන්නා මල් කහ තැඹිලි පැහැතිය. මෙහි ඵලය උලක් වැනි අවයවයක් සහිත ස්ඵෝටිකාවකි. රන්වන් කටුකරඬු ශාකය Acanthaceae කුලයට අයත්ය.ප්‍රධාන වශයෙන් සර්ප විෂ සහ කෘමි දෂ්ඨන සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාක කොටස් භාවිතා කරයි. එමෙන්ම මාංශ පේශී ලිහිල් කිරීමට, වාත වේදනා, ගෙඩි, කුරුළෑ, බඩවැල් තුළ හට ගන්නා තුවාල, දියවැඩියාව, ස්නායු ආබාධ අාදිය සඳහා ද රන්වන් කටුකරඬු ශාකයේ කොළ, මුල් ආදිය භාවිතා කරයි. වේදනා නාශක සහ විෂබීජ නාශක ගුණ සහිතයි.
මූලාශ්‍ර_ අන්තර්ජායෙන්






0 comments:
Post a Comment