දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, November 9, 2015

පෝටා වැල් [Pota Wel] (Pothos scandens)


Pothos උද්භිද ගණයට අයත් ශාක විශේෂ 4 ක් මෙරටින් වාර්ථා වී ඇති අතර එයින් විශේෂ තුනක්ම අප රටට ආවේනික වේ. මෙම විශේෂ 4 අතරින් දේශීය ශාකය වන Pothos scandens පෝටා වැල් නමින් හඳුන්වා ඖෂධ සඳහා භාවිතා කරයි. පෝටා, පුරුක්වලින් හට ගන්නා කුඩා මුල් මඟින් ආධාරක ශාකයක් මත වැඩෙන බහුවාර්ෂික වැල් ශාකයකි. උප ආයත-ලංසාකාර හැඩැති පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර නටුවෙහි පියාපත් දක්නට ලැබේ. මේරු පත්‍ර කද කොළ පැහැති වන අතර ළපටි පත්‍ර ලා කොළ හෝ කහ පැහැයක් ගනී. ජද ශුකියක් වන පුෂ්ප මංජරියක හට ගන්නා කහ පැහැති මල් ද්වී ලිංගිකය. ඵලය ඉලිප්සාකාර බදරියකි. එය කොළ පැහැති වන අතර ඉදෙන විට තද රතු - රෝස රතු පැහැයට හැරේ එළුවන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස ද සැලකෙන පෝටා Araceae උද්භිද කුලයට අයත් ශාකයකි.

පොටා වැල් ප්‍රධාන වශයෙන් කැඩුම් බිඳුම් වෙදකමේදී පත්තු, මැල්ලුම් සහ තෙල් සෑදීම සඳහා භාවිතා කරයි. එමෙන්ම පිස්සුබලු විෂ, උණ, මුත්‍ර රෝග, දන්ත රෝග, පණු රෝග, සර්ප විෂ, තුවාල, වණ, අක්මා රෝග, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී පෝටා වැලේ කොළ සහ සම්පූණ ශාකයමත් භාවිතා කරන බව සඳහන්. පිස්සු බලු විෂට ඒකීය ඖෂධයක් ලෙස පොටා කොළ කැඳ සාදා දෙයි. ගැහෙන උණට පෝටා වැල් කලං 12 ක් පත 8 එකට සිඳුවා බොන්ට දෙයි. පණු මාන්දමට පෝටා කොළ ඉස්ම තල තෙලින් යොදා ප්‍රතිකාර කරයි. 

ගැමියන් ගොබ අවස්ථාවේ පවතින ළපටි පෝටා කොළ තෙල් දමා හෝ එකවර කිරි දමා ව්‍යංජනයක් ලෙස පිසගනී. එමෙන්ම ළපටි කොළ කලවම් පලා මැල්ලුමට එක්කර ගනී. ඉඳුණු ගෙඩි තම්බා කෑමට ගත හැකිය. පෝටා වැල කප්පාදු කිරීමෙන් විසිතුරු ශාකයක් ලෙස සකසා ගෘහ සහ උද්‍යාන අලංකරණයට යොදා ගැනීමට පුළුවන. මෙම වැල ශක්තිමත් කෙඳිවලින් යුක්ත වන හෙයින් ගම්බද ජනයා කූඩා විවීම, කඹ අඹරා ගැනීම සහ වරිච්චි බිත්ති බැඳීම ආදිය සඳහා උපයෝගී කර ගනී.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

12 comments:

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

පලා වර්ගයක් විදියට පෝටා භාවිතා කරන්න හොඳද ? අපේ පැත්තේ නම් මේවා කනවා . ඒත් හරියටම ගුණ අගුණ දන්නේ නෑ . මිනිස්සුන්ට කෙසේ වෙතත් පෝටා කියන්නේ අලි ඇත්තුන්ට හොඳ බෙහෙතක් වගේම අලි ඇත්තු කන්න කැමතිම කෑමක් . පෝටා කොළ කන වෙලාවට අලි ඇත්තුන්ට බාධා කරන්න එපා කියලා තමයි කියන්නේ .

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඒ ගැන සොයා බැලීමක් කරා. දැන ගන්නට ලැබුණු තොරතුරුවලට අනුව මේවා කෑමට ගන්නේ සතුන් පමණයි. ඔබ සඳහන් කළ පරිදිම පොටා වැල් අලින්ගේ සහ එළුවන්ගේ ප්‍රියතම අහාරයක් බවත් දැනගන්නට ලැබුනා.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

පොටා වැලේ ගොබ අවස්ථාවේ පවතින දලු කොළ තෙල් දමා සහ එක්වර කිරි තබා ව්‍යයංජන ලෙස සකසා ආහාරයට ගන්නා බවත්, ළපටි කොළ කලවම් පලා සඳහා ගන්නා බවත් පසුව දැනගන්නට ලැබුනා. මේ ගැන සෙවීමට උනන්දු කළ ඔබට ස්තුතියි.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

එම විස්තරයත් ලිපියට එකතු කළා

Unknown said...

thanks for the contribution.

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

බොහොම ස්තූතියි 👍

Unknown said...

Thank you...🙏🧠

Unknown said...

මෙහි උද්භිද විද්‍යාත්මක නාමය කුලය සඳහන් කල හැකිද?

Unknown said...

මේවාට කියන වෙනත් නම් තිබේද වැවෙන ප්‍රදේශ මොනවාද

Unknown said...

ඇටමුරා කොල දන්නවද

Unknown said...

ශ්වේත රෝගයට කැද බොන්න කියලා අහලා තියෙනවා.

Unknown said...

Meka parasitic weed ekkd

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support