ප්‍රධාන වශයෙන් වටපණු, කොකුපණු, කිරිපණු, පටිපණු ආදී පණු රෝග සඳහා සහ මාන්දමට ප්‍රතිකාර කිරීමේදී බට කිරිල්ල ශාකයේ කොළ සහ දළු නොයෙක් ආකාරයෙන් භාවිතා කරයි. බටකිරිල්ල කොළ අව්වේ වියළා කුඩු කොට එම චූර්ණය මී පැණියෙන් කලවම් කර කෑමට දීම. බටකිරිල්ල දළු චූර්ණය හා බැදි හාල් කුඩු මී පැණියෙන් අනා කෑමට දීමෙන් පසු විරේචක ඔසුවක් භාවිතා කිරීමෙන් වටපණුවන් විනාශ වන බව සඳහන්. කුඩා දරුවන්ගේ තද පණු ගායට මෙම ශාකයේ පොතු කෂාය කර පොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ සඳහන් වේ. ගම්බද මව්වරු දරුවන්ගේ පණු රෝග සඳහා බටකිරිල්ල කොළ යොදා සාදන අග්ගලා කෑමට දෙති. එමෙන්ම බට කිරිල්ල දළු ව්‍යාංජනයක් ලෙස ද සකසා අහාරයට එක්කර ගත හැකිය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
13 comments:
ඉතාමත් වටිනා බ්ලොග් පිටුවක් ,,,ස්තුති සේවයට,,......
ස්තුතියි ඔබට
මේවටද ටිකිරිඳිය කියන්නෙ?
ටිකිරිඳිය නමින් ශාකයක් ගැන අහලා නෑ. Eclipta prostrata ශාකයට කීකිරිඳියත්, Coix lacryma-jobi ශාකයට කිරිඳි කියාත් හඳුන්වනවා. එම ශාක දෙකම ගැන මෙහි විස්තර පලවී තියෙනවා.
Erithroxylum zeylanicum යනු බටකිරිල්ලමද?
Erythroxylum zeylanicum බටකිරිල්ල නෙමෙයි. එය බටකිරිල්ල අයත් ගණයේම අප රටට ආවේනික ශාකයක්.
කිරිල්ල සහ බටකිරිල්ල කියන්නේ ජාති දෙකක් ද?
කොහු කිරිල්ල, හුනු කිරිල්ල, දිය කිරිල්ල වැනි එකිනෙකට වෙනස් කිරිල්ල වර්ග කීපයක් තියෙනවා. බටකිරිල්ල එයින් තවත් එකක්.
I have a batakirilla bush at my home..still not try for a dish on it..
hodai.kohenda ganna puluwan palayak.
ලමයින්ට තද පණු අමාරුවට කොහොමද මේ බටකිරිල්ල ශාකයෙන් ප්‍රතිකාර කරන්නෙ.
මට කිරිකවෙලු ශාකය ගැන විස්තර ටිකක් හොයල දෙන්න ප්ලීස්. පින්තූර තියනවා නම් ගොඩක්ම වටිනවා
මේවා කොහෙද තියෙන්නේ?
Post a Comment