Home »
» නාපිරිත්ත [Napiritta] (Hibiscus furcatus)
නාපිරිත්ත, කඳ පුරාම සියුම් කටු සහිත බහුවාර්ෂික වැල් ශාකයකි. හීං නාපිරිත්ත සහ මහ නාපිරිත්ත යනුවෙන් වර්ග දෙකක් ඇති බව සඳහන් වේ. වෙන් නොවූ ඛන්ඩිකා තුනකට බෙදීගිය පත්‍රය පුරා බූව දක්නට ලැබේ. පුනීලාකාර හැඬයෙන් යුත් මල් දිප්තිමත් කහ පැහැයකින් යුක්තය. ඵලය කුඩා කරලකි. ඒ තුල පිහිටා ඇති බීජ මගින් ව්‍යාප්තිය සිදු වේ. නාපිරිත්ත Malvaceae කුලයට අයත් ශාකයකි.
දේශීය ගෙඩි වෙදකම, කැඩුම් බිඳුම්, විෂ වෙදකම, වණ, ගඩු, තුවාල ආදීය සඳහා ප්‍රතිකාර කිරීමේදී නාපිරිත්ත ශාකයේ කොළ, දළු, පට්ටා සහ මුල් ඔසු සඳහා භාවිතා කරයි. වල් ලූණු නාපිරිත්ත දළු පොල් කිරෙන් උයා ගිතෙලින් අඹරා ගෑමෙන් විසර ගෙඩි පැසවීම සිදු වේ. කැස්සට සහ ආහාර අරුචියට නාපිරිත්ත දළු ව්‍යංජනය ගුණදායකය. විෂ වලිප්පු රාජ තෛලය නාපිරිත්ත යොදා නිපදවන ඖෂධයකි.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
8 comments:
දවසක් මම බණ්ඩක්කා ජාතියක් කියලා ගෙදර අරන් ගියා කරලක් පැල කරන්න . පස්සේ තමයි දන්නේ මේ නාපිරිත්ත කියලා :v
නාපිරිත්ත නම් වැලක්. ඔබ කියන්නේ ගස් නාපිරිත්ත හෝ කපුකිණිස වෙන්න පුලුවන් ඒ දෙවර්ගයම බණ්ඩක්කා වගේ.
අවුරුදු කාලේ නානු හදන්න ගන්නේ ඔවා නේද..?
අාස්මී හදන්න ට සුලබ ලෙස නානු ලබා ගන්නේ දවුල් කුරුදු නොහොත් දවල් කුරුදු පත්‍ර යුෂයෙනි! මෙම ශාකයේ කඳ දවුල් සෑදීම ට ද රීප්ප ඉරන්න ට ද ගනී.පත්‍ර ඔසුමය කුළුබඩුවකි.
අාස්මී හදන්න ට සුලබ ලෙස නානු ලබා ගන්නේ දවුල් කුරුදු නොහොත් දවල් කුරුදු පත්‍ර යුෂයෙනි! මෙම ශාකයේ කඳ දවුල් සෑදීම ට ද රීප්ප ඉරන්න ට ද ගනී.පත්‍ර ඔසුමය කුළුබඩුවකි.
නාමිරිත්ත කියන්නේ වැලක් නේද? රීප්ප ඉරන්න තරම්ම ඒක මහත් වෙනවාද?
එහෙම කියලා තියෙන්නේ දවුල් කුරුඳු ගැන
ඒ කපු කිනිස්ස වෙන්ඩ ඕනේ
Post a Comment