
වණ, තුවාල, දත් කැක්කුම, කුසගිනි මදිකම, අජීර්ණ, උදර වේදනා, අර්ශස්, වටපණු රෝගය, හෘද දුර්වලත්වය, ප්ලීහා රෝග, චර්ම රෝග, ක්ෂය රෝගය, ඇදුම, ඉක්කා ආදී රෝග සඳහා ප්රතිකාර කිරීමේදී ගලිස් ශාකයේ දළු කොළ සහිත ළපටි කොටස් පොඩිකිරීමේදී සෑදෙන දුම්මල වැනි මැලියම් වර්ගය භාවිතා කරයි. මෙම ශාකය කොල්ලෑකඩ නමින් හඳුන්වා ඇත්තේ ද කොළ වලින් ලාකඩ ලබාගත හැකි යන අරුතිනි. ඉදුණු ගෙඩියෙහි කටුව ඉවත්කර පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය.