Monday, July 11, 2016
Home »
» සේපාලිකා [Sepalika] (Nyctanthes arbor-tristis)
සේපාලිකා [Sepalika] (Nyctanthes arbor-tristis)
සේපාලිකා මීටර් 10 දක්වා උසට වැඩෙන කුඩා බහුවාර්ෂික ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන්ද වර්ධනය වේ. සරල සම්මුඛ පත්‍ර රළු ස්වභාවක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා තැඹිලි පැහැ නටුවක් සහිත සුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. රාත්‍රියට පිපෙන මෙම මල් උදැසන වන විට හැලී යයි. ගෙවතු අලංකරණය සඳහා ද වැවිය හැකි සේපාලිකා ශාකය Nyctanthaceae කුලයට අයත් ය.
චර්ම රෝග, පණු රෝග, උණ, වාත රෝග, උදරාබාධ, බඩවැල්වල රෝග, පිත් රෝග, අර්ශස්, කෘමි රෝග, ආමවාතය, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය, මාංශපේෂිවල දැඩි බව, හිස්හොරි ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සේපාලිකා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ඇට අැතුලු සියළු කොටස් භාවිතයට ගනී.
සේපාලිකා ඇට ජලයෙන් අඹරා හිස ගැල්වීමෙන් හිස් හොරි, කොරපොතු, අකලට හිස කෙස් වැටීම ආදි රෝග තත්වයන් සුවවී හිස කෙස් වර්ධනය වීම සිදු වේ. ඇදුම, ක්ෂය රෝගය ආදියේදී සේපාලිකා මුලේ පොතු චූර්ණය රක්තිකා (මංචාඩි / මඩතිය ඇටයක ප්‍රමාණය) 2 ක් බුලත් කොළ යුෂයෙන් බීමෙන් ඝන වූ සෙම බුරුල් වී පිටවීමෙන් සහනයක් ලැබෙ යි. චර්ම රෝගවලදී සේපාලිකා පොතු චූර්ණය දෙහි ඇඹුලෙන් අනා බාහිර ව ආලේප කිරීමෙන් ගුණ ලැබේ. සර්ප විෂට මෙම චූර්ණය අරත්ත අල යුෂින් යෙදීමට නියම කර ඇත. සේපාලිකා කොළ යුෂ මී පැණි සහ ලුණු සමග බීමෙන් වට පණුවන් හා කිරිපණුවන් ඉවත් වෙයි. එම යුෂ ළදරුවන්ට ද දිය හැකි ප්‍රවේසම් සහිත මෘදු විරේචනයකි. ආමවාතය හෙවත් ආතරයිට්ස් රෝගය නිසා සිදුවන සන්ධි ඉදිමුමේදී කොළ අඹරා පැලැස්ර දැමීමත් කොළ යුෂ අවුස දෙකක් (60ml) බොන්නට දීමත් වේදනාව සමනය කරන ප්‍රතිකාරයන් ය.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
3 comments:
සේපාලිකා කොල වියලා බෙහෙතකට ගන්න පුලුවන් ද?මොකක් සදහාද ඒක යොදාගන්නෙ
dan na
To reduce blood suger
Post a Comment