
බදුල්ල ශාකයෙහි පොත්ත සිනිඳු සහ ඝණකම් වන අතර සරල එ්කාන්තර පත්‍ර ලංලංව පිහිටා ඇත. කෙටි නටුවක් සහිත ඝණකම් පත්‍රයක් සෙ.මි. 10-16 පමණ දිගින් යුක්තය. බොහෝ සේ බෙදුනු බහු අක්ෂ පුෂ්ප මංජරියක සුදු කහ පැහැති කුඩා මල් හට ගනී. ආවේනික හැඩයකින් යුක්ත කොළ පැහැති බදුල්ල ගෙඩි ඉදුණු පසු රතු පැහැයක් ගනී. මෙම ශාකයේ කිරි මිනිස් සමට ප්‍රබල ආසාත්මිකතාවයක් දක්වන නිසා ගෙවතුවල වැවීමට ඉඩ නොතබා විනාශ කර දැමීමට ඇතමුන් පෙළඹී ඇත. එලෙස තර්ජනයටද ලක්වී ඇති බදුල්ල ශාක Anacardiaceae කුලයට අයත් ය.
අර්ශස්, උඳුගොව්වා කෑම, මස්තිෂ්ක දුබලතා, නාඩි දුබලතා, අපස්මාරය, ගුල්ම රෝග, උදර රෝග, ඉදිමුම්, පක්ෂඝාත, ආමවාත, පණු රෝග, ලාඳුරු, ඇදුම, ක්ෂය රෝගය, ලිංගික දුබලතා, ක්ෂය රෝග, වණ, කාන්තා රෝග, දියවැඩියාව ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ සැකසීමේදී බදුල්ල ශාකයේ ඇට, ඇටවලින් ලබා ගන්නා තෙල් සහ ගෙඩි භාවිතා කරයි. මෙම බදුල්ල ශාක කොටස් ඖෂධ සඳහා භාවිතා කිරීමට පෙර පොතපතෙහි සඳහන් සම්මත ක්රමයන්ට අනුව විෂ ඉවත්කර ශෝධනය කර ගත යුතු බව අවධාරණය කර ඇත.
ශෝධනය කරගත් බදුල්ල ඇට හෝ ලෙලි පුලුස්සා දුං ඇල්ලීම අර්ශෂ් ගෙඩිවලට ප්‍රතිකාරයකි. උඳුගොව්වා කෑම නම් චර්ම රෝගයට බදුල්ල ගෙඩි යුෂ මිපැණි සමඟ ආලේප කරයි. ශරීර ශක්තිය වර්ධනය වීමට බදුල්ල ඇට තෙල් බිංදු 2ක් හෝ 3ක් එළකිරි සමඟ මසක් පුරා පානය කිරීමට නියම කර ඇත. මේ ආදී ලෙස බදුල්ල ශාක කොටස් භාවිතා කර සිදුකරන ප්‍රතිකාර රැසක් ගැන දේශීය වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. එමෙන්ම හල්ලාතකී නාමය යටතේ නිශ්පාදිත ඖෂධ වර්ගද රැසක් ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, සිරි ලක ගස්කොළන් අත් පොත සහ 2012 රතු දත්ත පොත
බදුල්ල ගෙඩිවල සේයාරුව_ වක්කඩ ෆේස්බුක් සමූහයෙන්
10 comments:
Thank you..!
Helpful, thanks.
ගහක් ලඟින් ගියත් වණ වෙනව. බදුල්ල ගෙඩි කාපු උගුඩුවගෙ ලොන් සේරම හැලිල මැරිල යනව කියල අහල තියෙකය
දන්නෙ නැතුව අතු කපන්න ගිහින් අද මගෙ මුණෙයි අත් දෙකේ රතු බිබිලි ඇවිත් කසනවා. බෙහෙත් ගත්තා. ඒ නිසා ගසුත් ආරක්ෂා කරගෙන අපිත් පරිස්සම් වෙන්න ඕනි. ඉතා වැදගත් ලිපියක්.
මොනවාද ගත්ත බෙහෙත්
අර්ශෂ් සදහා බෙහෙත් කියන්න
./////
සිටවීමසඳහාපැල කීපයක් ගන්න විදියක් තියේද?
මෙ ගස් වල කිරි ගාගන්න නං එපා මම සති දෙකක් තිස්සෙ කස කස විඳවනවා. වන වෙනවා. Doctor කෙනෙක් chnnel කරලා බේත් අරගත්තෙ.
ආයුබෝවන් ! මගේ අම්මාගේ සුව නොවන චර්ම රෝගයක් සදහා බදුල්ල ඇට අවශ්‍ය වී තිබෙනවා . අපිට සොයා ගැනීමට අපහසු වුනා .බදුල්ල ඇට තිබෙනවා නම් කරුනාකර දන්වන්න . ඇය ගොඩක් දුක් විදිනවා . ගොඩක් පිං සිද්ද වෙනවා.
Post a Comment