ඉදිමුම්, අර්බුද, සමේ රෝග, අර්ශස්, අස්ථි සන්ධි ප්‍රදාහය (Osteoarthritis), උණ, ශ්‍රවණ ආබාධ, ආර්තවයේදී ඇතිවන සංකූලතාවයන්, පුරස්ථි ග්‍රන්ථියේ සහ ගර්භාෂයේ රෝග, ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම පැළෑටියේ පත්‍ර සහ (බල්බය) අලය භාවිතා කරයි. ගොඩමානෙල් විෂබීජ නාශක සහ පිලිකා නාශක ගුණ සහිතයි.
ගොඩ මානෙල් පත්‍ර ස්වරසය කණ් කැක්කුම සහ කණෙක් ස්‍රාව පිටවීමට ගුණය. ඉදිමුම් වේදනා, සන්ධිවාත ආදියේදී මෙම කොළ තැම්බූ හුමාලය ඇල්ලීමද, කොළ අඹරා රත් කර ගෑමද, එඬරු තෙල් ගා මෙම කොළ පොට්ටනියකින් තැවීමද සහනයට හේතු වෙයි. ගොඩ මානෙල් අල අඹරා රත් කර ගෑමෙන් ගුදඅංකුර පීඩාව සංසිඳේ. ගෙඩිවල ගෑ විට ඒවා පිපිරී සැරව ඉවත්ව යයි. කොළ යුෂ යොදා සදාගත් තෙල හොරි, දද, කුෂ්ඨ සුවපත් කරයි. පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ප්‍රතිපලදායී බව විදේශීය පර්යේෂණවලින් හෙලිවී ඇත. වියළි කොළ පුලුස්සා දුම් ඇල්ලීම මදුරු කරදරයට විසඳුමකි.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
1 comments:
මේවා දැකලා නැති ළමයින්ට, වැඩිහිටියන් ට බලන්න හොඳම අවස්ථාවක් තමා මේ.🙏🏻🙏🏻💖💖🥀🥀
Post a Comment