දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, November 7, 2016

රදලිය [Radaliya] (Connarus monocarpus)

දේශීයව එකම උද්භිද ගණයට අයත් රදලිය නමින් හඳුන්වන ශාක විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. එයින් Connarus championii නම් ශාකය අප රටට ආවේනික වන අතර එය රතු දත්ත පොතහි වඳවීයෑමේ තර්ජනයට ලක්විය හැකි ශාක යටතේ වර්ගීකරණය කර ඇත. ඖෂධ සඳහා භාවිතා කරන බවට තොරතුරු සඳහන් වන Connarus monocarpus නම් අනෙක් රදලිය විශේෂය රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇති අතර ඉදිරියේදී කරුණු දක්වනුයේ එම ශාකය ගැනයි. රදලිය කාෂ්ඨීය බහු වාර්ෂික වැල් ශාකයකි. කඳෙහි විල්ලුද ආකාරයේ සියුම් බූවක් පිහිටයි. පත්‍රිකා 3-7 අතර සංඛාවකින් යුත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. ශාඛාවන්ගේ අශ්‍රස්ථයන්ගෙන් හට ගන්නා පුෂ්ප මංජරියෙහි සුදු පැහැති කුඩා මල් රාශියකි. කහ පැහැයට හුරු කොළ පැහැයකින් යුත් කරලෙහි දිළිසෙන සුලු කළු දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. මෙම කරල් මේරීමත් සමඟ දීප්තිමත් රතු පැහැයකට හැරෙයි. රදලිය Connaraceae කුලයට අයත් ශාක විශේෂකි.

රදලිය පොතු සහ මුල් සාරයේ අඩංගු ප්‍රධාන රසායන ද්‍රව්‍ය හතරක් පිළිකා සෛල නසන ගුණ දරයි. දේශීය වෙදකමේ දී එම සාරය විසප්පු සහ අර්ශස් ගෙඩි සුව කිරීමට භාවිත වේ. මුලෙන් නිස්සාරණය කරන තෙල් ඉදිමුම් අවස්ථාවල දී ප්‍රතිකාර ලෙස යොදා ගැනේ. මුල් හා පොතු කෂාය සිපිලිස් නම් සමාජ රෝගය මර්දනය සඳහා භාවිත කෙරේ. එම කෂාය මැලේරියාව සඳහා ද හොඳ ඔසුවකි. අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය පාලනය කිරීමට මුල්, පොතු හා කොළ කෂාය යොදා ගනී. දත් සෙලවීම සහ මුඛ දුර්ගන්ධයට ප්‍රතිකාර කිරීමට හොඳින් මේරූ රදලිය මුල් භාවිතා කරයි. කුඩා පිරිමි දරුවන්ගේ පියයුරු ඉදිරියට නෙරා ඒම වැලැක්වීමට දරලිය ගෙඩිය කැඩූ පසු වෑස්සෙන කිරි යොදා ගනී. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී සන්ධානීය පත්තු සඳහා රදලිය පොතු සුලබව යොදා ගනී. රදලිය යන්නෙහි තේරුම රාජකීය කාන්තාව යන්නයි. එහෙත් ඇතැම් පොතක එය රදාලිය යනුවෙන් හැඳින්වේ. එවිට එයින් වෙනත් තේරුමක් හැඟෙන බැවින් ඒ යෙදුම දෝෂ සහගතය. 

මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්


Share:

38 comments:

Unknown said...

mata me betha miladi ganna puluwan thenak kiyanna.obata bohoma pin.0711130839

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඔබට අවශ්‍ය අමු එ්වද වියළි එවාද බෙහෙතකටද ?

Unknown said...

Where can I find this please? Want it for my mother s knee issue. Thank you.
Kawuruhari dannawana karunakara 0775010322 ta SMS ekak ewanawada please. Thanks.

Unknown said...

Mata bethak sadaha mema gedi ganna puluwan widiyk kiyanna puluwanda hadissi 0774699949

Unknown said...

Thank you.this post was very helpful and useful for us.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

Thank you

Unknown said...

මට කබරුස්ස බෙහෙතට ඔනි පුලුවන්ද උදව් කරන්න

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඔබ කොහෙද ඉන්නේ ?

Unknown said...

Mata radaliya gedi beheth walataone ganna thanak kiyanna puluwanda

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඔබ ඉන්නෙ කොහෙ ද?

Unknown said...

Mata mewa genna ganna puluwanda.puluwnnm me nu ekata kiyanna0772927119

Unknown said...

Mama inne wattala 0773995960

Unknown said...

අමු ඒවා

Unknown said...

Thank this post

Unknown said...

please mata radaliya pothu tikaka uwamnayi 0716194127

Unknown said...

Mata radaliya sakaya hoyaganna one mama Anuradhapura puluwannam Loku deyak

Anonymous said...

Radaliya kohed tiyenne

Anonymous said...

Ganna vidihak kiynn

Anonymous said...

Ane loku udauwak kiynnko

Anonymous said...

අමු එවා ඔනේ kohenda ganne

Anonymous said...

0769068807 loku udauwk

Wow said...

Rajgama (Galle) tiyenawa

Unknown said...

mewa koi wage than walada thiynne .mata hoyaganna one

Unknown said...

රදලිය කොහෙද තියෙන්නෙ කියන්නකො මට කරන ලොකු උදවුවක්

152 said...

radaliya kochchara onada... 0718179400

Unknown said...

රදලිය කොල කොහෙන්ද හොය ගන්න පුලුවන්..

Anonymous said...

koheda mee gedi hoyaganna thiyenne

Anonymous said...

mata radaliya rathu pata gedi one behethakata

Unknown said...

ඇත් හොඩ කියලා බෙහෙත් ජාතියක් තියේද...

Unknown said...

රදලිය ගෙඩි හැදෙන කාලයක් තියද

Unknown said...

Godaak sthuthiy me page eke addminta mokadha me osu pala gana dhan inna godaak dhenek dhanne neha ithin me beheth palati gana hodha dhanimak apta ganna puluwan oyata godak pin

Unknown said...

රදලිය පොතු ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද ලොකු උදව්වක් ඉක්මනට ඕනෙ

Unknown said...

Radaliya kola hoyaganna bariwaida mama galapitamada.

Unknown said...

Ow

Unknown said...

beheth warga niwasatama genwa genimata katha karanna 0762247051

Unknown said...

රදලිය කොළ,පොතු,හා කිරිඳි වැලේ පොතු කොළයි ගෙන්න ගන්න පුළුවන් ද?,ලොකු උදව්වක්.කථා කරන්න-0779155355 මුදල් ගෙවන්නම්.

Unknown said...

Contact Number ekak ganna puluwanda

Unknown said...

ඔබට අවශ්‍ය සියලුම බෙහෙත් අමුදුව්‍ය (කොල,පොතු,මුල්,ගෙඩි,මල්,ඇට) මිලදීී ගැනිීමට අමතන්න. 0762247051 Alahakoon

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support