තුවාල, ගඩු, අක්මා රෝග, අන්ත්‍රගත පණුවන්, චර්ම රෝග, කැස්ස, රූමැටික උණ, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීමට දොඬම්පනා ශාකයේ කොළ, මුල්, පොතු, ගෙඩි ආදිය භාවිතා කරයි. දේශීයව මෙහි එතරම් ප්‍රකට භාවිතයක් නැතත් වෙනත් ආසියානු රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල නොයෙක් ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ශාකයකි.
පත්‍ර ස්වරසයෙන් සාදා ගන්නා තිත්ත රස දියරය උණ (ජ්වර), අක්මාවේ ඉදිමීම සහ අන්ත්‍රගත පණුවන් ඉවත් කිරීම සහා යොදා ගැනේ. මෙය කුඩා දරුවන්ට හිතකර ශාක යුෂයකි. නටු සහ මුල්වල සාරයෙන් නිස්සාරණය කරන ස්වරසය අර්ශස් සහ මූල රෝගවල දී වේදනා සමන ඔසුවක් ලෙස භාවිත කෙරේ. ඉඟුරු ස්වල්පයක් සමඟින් අඹරාගත් පත්‍ර ප්‍රලේපය සමේ රෝග සඳහා සුදුසු ය. එය අන්ත්‍රගත පණුවන් හැලීමට අභ්‍යන්තර ඖෂධයක් ලෙසද දෙනු ලැබේ. දරුවන් ලැබීමෙන් පසු ආහාර රුචිය වැඩවීම සඳහා පත්‍ර යුෂ නිස්සාරක භාවිත කෙරේ. අරටුව උරච්චි කර කෑ මුඛයේ තැබීමෙන් නාග විෂ සමනය වේ. කැස්ස, රූමැටික උණ, ඉදිමුම් සඳහා ද භාවිත කෙරෙන ඔසු රැසකට දොඩම්පනා එක් කර ගැනෙනු දැකිය හැකිය. දොඬම්පනා රැධිරගත සීනි අඩු කරන ගුණයකින් ද සමන්විතය ය.මෙහි ක්‍රිමි හාරක (පණුවන් හලන) ගුණය නැවත ද සඳහන් කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන් මුලෙන් ලබා ගන්නා සාරය ඒ සදහා භාවිත කරයි. මුල හොඳින් සෝදා කුඩා කැබලි කපා පිරිසිදු වතුරේ රැයක් තබා උදේට බොන්නට දිය යුතුය. එහි බැක්ටීරියා විරෝධී ගුණයක්ද ඇත. විශේෂයෙන් දොඬම්පනා පත්‍ර සහ කොබෝලීල පත්‍ර මද්‍යසාරයේ බහා නිස්සාරණය කරගත් යුෂය ඉහත කී රෝගවලට ඉක්මන් සුවය ගෙන දීමෙහි සමත් බව කියවේ. දොඩම්පනා කෝටු දැහැටි දඬු ලෙස භාවිත කෙරෙන බැවින් ඒ නමින් ඉංග්‍රීසියෙන් හැඳින්වේ.
මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්






2 comments:
fr
Reading about Dodampana and its traditional uses is a nice way to connect with Sri Lankan heritage. After learning about natural remedies, I like to relax with something light. https://srilanka-melbet.net/ has been a good option for that. The platform offers a variety of casino games and sports betting, all accessible from the browser. The interface is clean, and everything loads quickly. Bonuses are regular and clearly explained. Deposits and withdrawals are fast and secure. The mobile version works well, which is convenient. Support is helpful when questions come up. It's a reliable platform for casual entertainment. I've enjoyed using it and would recommend it to anyone looking for a dependable way to unwind after reading.
Post a Comment