
චර්ම රෝග, කල්ගතවූ ආමවාතය, ලේ වහනය, විදුරුමස් ඉදිමීම, විදුරුමසින් ලේ යාම, විදුරුමසෙහි හට ගන්නා ගෙඩි, මව්කිරි නිසිලෙස ස්රාවය නොවීම ආදියට ප්රතිකාර කිරීමට වැට එඬරු ශාකයේ කොළ, දඬු, මුල් සහ බීජවලින් ලබා ගන්නා තෙල් භාවිතා කරයි.
කන්ඩු, දද, පාමා, නාඩිවිසර්පී (හර්පිස් / Herpes) ආදී චර්ම රෝග සඳහා ප්රතිකාරයක් ලෙස වැට එඬරු බීජ තෛලය ආලේප කරයි. කල්ගතවූ අමාවාතයට වැට එඬරු ඇට තෙල් වෙනත් මෘදු තෙලක් සමඟ මිශ්රකර ආලේප කිරීමෙන් ගුණ ලැබේ. එයටම මුලෙහි පොතු අඹරා ආලේප කිරීමද ගුණය. තුවාලයකින් ලේ වහනවීම වැලැක්වීමට වැට එඬරු කිරි ආලේප කිරීම ප්රශස්ථ ප්රතිකාරයක් ලෙස දක්වා ඇත. විදුරුමස් ඉදිමීම, විදුරුමසින් ලේ යාම, විදුරුමසෙහි හට ගන්නා ගෙඩි ආදී විදුරුමස් රෝග ඇති විට වැට එඬරු දඬුවලින් දත් මැදීම ප්රතිඵලදායකය. වැඩ එඬරු කොළ තම්බාගත් ජලයෙන් පියයුරු තැවීමෙන් මව්වරුන්ගේ කිරි වැඩි වෙයි.
වැට එඬරු තෙල් ආහාර මාර්ගය තුලින් ශරීරගත වීමෙන් තියුණු උදර වේදනාව සහ වමනය ඇති විය හැකිය. ඇතැම් රටවල මෙම තෙල් ඉන්ධනයක් ලෙස භාවිතා කරන බවත්, ඒ සඳහා වානිජ වශයෙන් වැට එඬරු ශාකය වගාකරන බවත් අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත.
මූලාශ්ර_ ආයුර්වේද ඖෂධ සංග්රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
2 comments:
අපේ පලාත්වල අම්මෙකුට දරුවෙක් ලැබුණම දවස් හතර පහකින් කොළ වතුර නාවනවා කියලා එකක් කරනවා. කොළ ජාති කිහිපයක් එකට දාලා තම්බලා ඒ කොළ වලින් ඇග තවලා වතුරෙන් නාවනවා හැබැයි ඒකට ගන්නේ මේ එඩරු නෙවෙයි.තෙල් එඩරු කියන වර්ගයයි
එරඩු කියලත් ශාකයක් තියෙනවද ?
Post a Comment