
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් දශමූලයන් අතරින් මහ පස් මුල්වලට අයත් එක් වර්ගයක් වන්නේ හීං මිදි මුල් ය. ඉදිමුම්, වාත රෝග, ආමවාත, ප්‍රමේහ, හෘද රෝග, ස්නායු දුර්වලතා, අර්ශස්, තරබාරු බව, පණු රෝග, ඉක්ෂුමේහ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් හීං මිදි මුල් සහ අවශේෂව පොතු සහ කොළත් භාවිතා කරයි.
වේදනා සහිත අර්ශස්වලට හීං මිදි කොළ තැම්බූ කෂාය අවහාහනය කරයි. මේහ රෝග අවස්වථාවලට පොතු කෂාය යොදයි. අධික තරබාරුවට පොතු කෂාය ශිලාජතු සමඟ දෙයි. මුල් කෂාය ආමවාත වේදනාවන්ට ද ගුණදායක ය. වේදනා සහිත ඉදිමුම් අවස්ථාවන්ට මිදි කොළ රත්කර බැඳීම හෝ තැවීමත්, අඹරා තම්බා එම කෂාය වතුරින් මඳ උණුසුමින් තෙමීමත් සිදු කරයි. වාත රෝග සහ නාඩි ව්‍යුහයෙහි දුබලතාවන්ට හීං මිදි ශාකයේ පංචාංගය කෂාය යොදා ප්‍රතිකාර කරයි. පණු රෝග සඳහා පත්‍ර ස්වරසය දෙයි. ශීත පිත්තයට කොල තම්බා සේදීම කරයි.
මෙම කොළ පොල්තෙල් සමඟ කලවම් කර හිස සෝදනයක් සාදා ගත හැකිය. තාවකාලික නිවෙස් සෑදීමේදී, ලී බඩු, විවිමේ උපකරණවල හරස් දඬු, ලිය පට්ටල් වැඩ, හබල්, පිහියා මිටි, විසිතුරු බඩු ආදිය සෑදීමට මෙම ලීය යොදා ගනී. මෙය පඳුරක් ලෙස කප්පාදු කර විසිතුරු ශාකයක් ලෙස ද වැවිය හැකි වටිනා ඖෂධ ශාකයකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
4 comments:
me wa kemata ganda puluwan da?
කන්න බෑ
KOHEDA WADIPURA ME GAS HADENNE
මේ ගස් අපිටත් ඕනේ වෙලා තියෙනවා කොහෙද හොයාගන්න තියෙන්නේ.
Post a Comment